දහ අට වන වසර මගේ දියණියගේ ජීවිතයට නව යුගයක් උදා කළේය. නිත්‍යානුකූලව වැඩිහිටියෙක් බවට පත් වූ ඇයට එන්නාවූ ඡන්දයේදී ඡන්දය දීමට හැකියාව ලැබේ. උසස් විදුහලෙන් පිටවූ විගස ඇය ජීවිතයට පා තබනු ඇත. මේ වෙනස මා තුළ යම් කලබලකාරී ස්වභාවයක් ඇති කළේය. ඒ තනිවම ලෝකයට මුහුණ දීමට ඇයට අවශ්‍ය ප්‍රඥාව එනම් මූල්‍ය කළමනාකරණය, ලෝකයේ කාරණාවලට අවධානයෙන් සිටීම සහ ස්ථිර තීිරණ ගැනීම යනාදිය කියා දීමට මට මගේ නිවසේදී ඇත්තේ වටිනා පැය කිහිපයක් පමණක් වන හෙයිනි.

මගේ දියණියගේ ජීවිතය කළමනාකරණය කර ගැනීම සඳහා ඇයව සන්නද්ධ කිරීමට මා තුළ තිබූ යුතුකමේ ස්වභාවය තේරුම් ගත හැක. අනෙක් අතට මම ඇයට ප්‍රේම කරමි. ඇගේ සාර්ථකත්වය මගේ ආශාවයි. නමුත් මට අවබෝධ වූයේ මට වැදගත් භූමිකාවක් තිබුණද එය තනිව හෝ මූලිකව හෝ මාගේම රාජකාරියක් නොවන බවයි. තෙසලෝනික කණ්ඩායමට තමන් යේසුස්වහන්සේ ගැන ඉගැන්වූ බැවින් සහ ඔවුන් තමාගේ ඇදහිල්ලේ දරුවන් ලෙසට පාවුල් කල්පනා කළ බැවින් පාවුල්ගේ වචනවලින් ඔහු පැවසුවේ එතිනෙකාට උපකාර කරන්න කියාය (1 තෙසලෝනික 5:14-15). නමුත් පසුව ඔහු ඔවුන්ගේ වර්ධනය දෙවියන්වහන්සේට භාර දුන්නේය. දෙවියන්වහන්සේ ඔවුන්ව “සහමුලින්ම පවිත්‍ර කරන” බව ඔහු පිළිගත්තේය (23 පදය).

තමන්ට කළ නොහැකි දේ දෙවියන්වහන්සේ කරන බව පාවුල් විශ්වාස කළේය. ඒ ඔවුන්ගේ “මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත්” (23 පදය) යේසුස්වහන්සේගේ පැමිණිම තෙක් සුදානම් කරන බවයි. ඔහු තෙසලෝනිකයන්ට යැවූ ලිපිවල උපදෙස් අඩංගු වුවද ඔවුන්ගේ යහපැවැත්ම සහ සුදානම් වීම ගැන දෙවියන්වහන්සේ කෙරෙහි ඔහුගේ විශ්වාසය අපට උගන්වන්නේ අප රැකවරණය ලබා දෙන අයගේ වර්ධනය අවසානයේ ඇත්තේ දෙවියන්වහන්සේගේ හස්තයේ බවය (1 කොරින්ති 3:6).