ඇමෙරිකාවේ උතුරු ඩැකෝටා හි පිළිකාවක් හේතුවෙන් පස් හැවිරිදි බෙලා නමැති දැරිය රෝහල් ගත කළ විට, ඇයගේ ප්‍රතිකාරයේ කොටසක් ලෙස ඇයට සංගීත ප්‍රතිකාර ලබා දෙන ලදී. තමන්ගේ මනසට සංගීතයේ ප්‍රබල බලපෑම බොහෝ අය අත් විඳ තිබුණත්, එයට හේතුව නිවැරදිව වටහා නොගෙන තිබුණ අතර, පර්යේෂකයන් මෑතකදී එයින් ලැබෙන සායනික ප්‍රතිලාභයන් ලේඛනගත කර ඇත. බෙලා වැනි පිළිකා රෝගීන්ට සහ පාකින්සන් රෝගයෙන්, ඩිමෙන්ශියාවෙන් සහ කම්පනයෙන් පෙළෙන අයට සංගීතය “ඖෂධයක්” ලෙස නියම කර ඇත.

සාවුල් රජ තමන්ට වධ වේදනා දැනුණ අවස්ථාවලදී සංගීත බෙහෙත් වට්ටෝරුවක් ලබා ගත්තේය. ඔහුගේ සේවකයෝ ඔහුගේ සාමකාමී බවේ අඩුවක් දුටු අතර, ඔහුට “සුව” වනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඔහු වෙනුවෙන් වීණාව වාදනය කිරීමට කෙනෙකු සොයා ගැනීමට යෝජනා කළහ (1 සාමුවෙල් 16:16). ඔවුන් යෙස්සේගේ පුත් දාවිත් ගෙන්වා ගත් විට, සාවුල් රජතුමා දාවිත් ගැන සතුටු වී ඔහුට “රජුගේ සේවයෙහි රැඳී සිටින ලෙස” ඉල්ලා සිටියේය (22 පදය). රජුගේ නොසන්සුන් අවස්ථාවන් වලදී රජුට සහනයක් ලැබෙන පිණිස දාවිත්, සාවුල් රජු වෙනුවෙන් වාදනය කළේය.

සංගීතය අපට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව දෙවියන්වහන්සේ මෙතෙක් දැන සිටි දේ, මෑතකදී අපි විද්‍යාත්මකව සොයා දැන ගත්තෙමු. අපගේ ශරීර සහ සංගීතය යන දෙකෙහිම කතුවරයා සහ නිර්මාතෘවරයා ලෙස, එසේම, අප ජීවත් වන යුගය හෝ වෛද්‍යවරයකු හමුවීම කොතරම් පහසුද යන්න ගැන හෝ නොසලකා සැමට පහසුවෙන් ප්‍රවේශ විය හැකි බෙහෙත් වට්ටෝරුවක් අපගේ සෞඛ්‍යය සඳහා උන්වහන්සේ අපට ලබා දුන් සේක. සවන් දීමට ක්‍රමයක් නොමැති විට පවා, අපගේ ප්‍රීතිය හා අරගල මධ්‍යයේ අපගේම සංගීතයක් නිර්මාණය කර ගැනීමෙන්, අපට දෙවියන්වහන්සේට ගායනා කළ හැකිය (ගීතාවලිය 59:1 6; ක්‍රියා 16:25).