කෙනත් ඊ. බෙයිලී නමැති ප්‍රාඥයා, ජාත්‍යන්තර ප්‍රජාව තුළ අසාමාන්‍ය ඉරියව්වක් පවත්වා ගැනීමට ඉගෙන ගත් අප්‍රිකානු ජාතියක නායකයෙකු ගැන පැවසීය. ඔහු ඊශ්‍රායලය සහ ඒ අවට ජාතීන් සමඟ හොඳ සබඳතාවක් ගොඩනඟා ගත්තේය. ඔහුගේ ජාතිය මෙම බිඳෙන සුලු සමතුලිතතාවය පවත්වා ගන්නේ කෙසේදැයි යමෙකු ඔහුගෙන් ඇසූ විට ඔහු පිළිතුරු දුන්නේ, “අපි අපේ මිතුරන් තෝරා ගන්නෙමු. අප වෙනුවෙන් සතුරන් තෝරා ගැනීමට අපි අපගේ මිතුරන් දිරිමත් නොකරන්නෙමු” යනුවෙනි.

එය ප්‍රඥාවන්තයි. නියත වශයෙන්ම ප්‍රායෝගිකයි. එම අප්‍රිකානු රට ජාත්‍යන්තර මට්ටමින් ආදර්ශයට ගත් දෙය පෞද්ගලික මට්ටමින් කිරීමට පාවුල් තම පාඨකයන්ව දිරිමත් කළේය. ක්‍රිස්තුස්වහන්සේ විසින් වෙනස් කරන ලද ජීවිතයක ලක්ෂණ පිළිබඳ දීර්ඝ විස්තරයක් මධ්‍යයේ පාවුල් මෙසේ ලිවීය: “පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න” (රෝම 12:18). අප අපගේ සතුරන්ට සලකන ආකාරය පවා දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය සහ යැපීම පිළිබිඹු කරන බව අපට මතක් කර දෙමින් අන් අය සමඟ අපගේ ගනුදෙනුවල වැදගත්කම ඔහු තවදුරටත් ශක්තිමත් කරයි (20-21 පදය).

සෑම කෙනෙකු සමඟම සමාදානයෙන් ජීවත් වීමට සැමවිටම නොහැකි විය හැකිය (මක්නිසාදයත් පාවුල් පවසන්නේ “පුළුවන් නම්” යනුවෙනි). නමුත් යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් වශයෙන් අපගේ වගකීම වන්නේ අප අවට සිටින අයව සාමය ඇති කරන්නන් ලෙස සම්බන්ධ කර ගැනීමට (මතෙව් 5:9) උන්වහන්සේගේ ප්‍රඥාවෙන් අපගේ ජීවිතයට මඟ පෙන්වීමට ඉඩ දීමෙනි (යාකොබ් 3:17-18). සාමයේ කුමරුන්ට ගෞරව කිරීම පිණිස මෙයට වඩා හොඳ ක්‍රමයක් තිබේද?