දෙවියන්වහන්සේගේ බලවත් අභිමුඛය
2020 දී එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදෙන දහනව වන සංශෝධනය සම්මත කිරීමේ සියවන සංවත්සරය සැමරුම් උත්සවය පැවැත්විය. පැරණි ඡායාරූපවල දැක්වෙන්නේ ගීතාවලිය 68.11 හී සඳහන් වන “ස්වාමින්වහන්සේ වචනය දෙන සේක. ආරංචිය පතුරුවන ස්ත්‍රීහු මහත් සේනාවක්ය” යන වචන වලින් සරසා ඇති බැනර් සහිත පෙළපාලි යන ජනකායන්ය.
ගීතාවලිය 68 හි, දාවිත් විසින් දෙවියන්වහන්සේව විස්තර කරන්නේ පීඩිතයන්ව ඔවුන්ගේ වහල්භාවයෙන්…
සන්තෝෂමත් ප්‍රේමය
බ්‍රෙන්ඩන් සහ කේටි එකිනෙකා දෙස එබී බැලූහ. ඔවුන්ගේ මුහුණුවල තිබු නිර්මල ප්‍රීතිය දෙස බලන විට, ඔවුන්ගේ විවාහ සැලසුම් බොහෝමයක් “කෝවිඞ්-19 සීමා කිරීම්” හේතුවෙන් වෙනස් කිරීමට සිදු වූ දුෂ්කර ක්‍රම, ඔබ කිසි විටෙකත් අනුමාන නොකරනු ඇත. පවුලේ සාමාජිකයින් විසිපහක් පමණක් පැමිණ සිටියද, ඔවුන් එකිනෙකාට ඇති ආදරය නිසා තම පොරොන්දු ප්‍රකාශ කරන විට ඔවුන් දෙදෙනාගෙන් ප්‍රීතිය හා සාමය විහිදූ අතර ඔවුන්ව නඩත්තු…
සමාව දෙන ප්‍රේමය
විවාහ වී අවුරුදු අසූවක් ! මගේ සැමියාගේ ලොකු මාමා වන පීට් සහ ලොකු නැන්දා වන රූත්, 2021 මැයි 31 දින මෙම සුවිශේෂී සන්ධිස්ථානය සැමරුවෝය. 1941 දී රූත් උසස් පෙළ පන්තියේ සිටියදී අහම්බෙන් වූ හමුවීමකින් පසු, තරුණ යුවළ විවාහ වීමට කෙතරම් ආශාවෙන් සිටියේද කියතොත්, රූත් උපාධිය ලබා ගත් දිනට පසු දින ඔවුන් දෙදෙනා රහසින් පැන ගියහ. දෙවියන්වහන්සේ ඔවුන්ව එකතු කළ බවත්,…
ඇදහිල්ලේ උරුමය
2019 දී, එක්සත් ජනපදයේ දී යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ගේ අධ්‍යාත්මික උරුමය සොයා බලන පර්යේෂණයකින් හෙළි වූයේ මව්වරුන් සහ ආච්චිලාගෙන් අධ්‍යාත්මික සංවර්ධනයට සැළකිය යුතු බලපෑමක් ඇති වන බවයි. තම ඇදහිල්ලේ උරුමය ප්‍රකාශ කරන පුද්ගලයන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් තමන්ගේ ඇදහිල්ලට හේතු වූයේ තම මව බවත් තුනෙන් එකක් පිළිගත්තේ ආච්චි හෝ සීයා (සාමාන්‍යයෙන් ආච්චි) බවත් සහ ඔවුන් විසින් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ…
නත්තල් ආලෝකය
මගේ ඇස්වලට නත්තල් ගස ගින්නෙන් ඇවිලෙනවාක් මෙන් පෙණුනි! කෘතිම විදුලි පහන් වැල් නිසා නොව නමුත් සැබෑ ගින්නෙන්ය. අපේ පවුලට මිතුරෙකුගේ “පැරණි ජර්මානු ක්‍රමය” අනුව පවත්වනු ලබන උත්සවයකට ආරාධනා කරන ලද අතර එය රසවත් සාම්ප්‍රදායික අතුරුපස සහ සැබෑ, දැල්වූ ඉටිපන්දම් සහිත ගසක් ඇතුළත් උත්සවයකි. (ආරක්ෂාව සඳහා, අලුතින් කපන ලද ගස එක් රාත්‍රියක පමණක් ආලෝකමත් කරන ලදී.)
ගස ඇවිලෙනවා මෙන් දුටු මා…
දිගටම ගමන් කරන්න (වෝක් ඔන්)
වෝක් ඔන් යනු 2007 දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ රෝස් බෝල් ශූර කණ්ඩායම සඳහා බඳවා නොගත් ක්‍රීඩකයෙකු බවට පත් වූ පාපන්දු අත්දැකීමක් නොමැති ශිෂ්‍යයෙකු වන බෙන් මැල්කම්සන්ගේ සිත් ඇදගන්නා මතක සටහන් ය. විශ්ව විද්‍යාල මාධ්‍යවේදියෙකු වන මැල්කම්සන් දුෂ්කර අත්හදා බැලීමේ ක්‍රියාවලිය පිළිබඳ පළමු පුද්ගල වාර්තාවක් ලිවීමට තීරණය කළේය. මෙය හේතුවෙන්, ඔහු කණ්ඩායමේ ගෞරවනීය ස්ථානයක් දිනා ගත්තේය. මෙම විශේෂ පිළිගැනීම, ඔහුට විශ්වාස…
හලෙලූයා!
පුදුමයට කරුණක් නම්, මෙසියස් කථා වස්තුව සඳහා වූ තනුව ලිවීමට හැන්ඩෙල් නමැති තැනැත්තාට ගත වූයේ දින විසිහතරක් පමණි - එය අද ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ සංගීත තනුව වන අතර එය ලොව වටා සෑම වසරකම දහස් වාරයක් සංදර්ශනාත්මකව පවත්වන ලදී. මෙම විශිෂ්ට කෘතිය එහි උච්චතම අවස්ථාවට පැමිණෙන්නේ ආරම්භ වී පැය දෙකකට පමණ පසුව කථා වස්තුවේ වඩාත් ප්‍රසිද්ධ කොටස වන “හලෙලූයා ගායනයෙන්” ය.…
නැවත සොයා ගන්නා ලදී
1970 දී ඩෙන්මාර්කයට පැමිණි මෝටර් රථ විධායකයෙකුට දැනගන්නට ලැබුණේ 1939 බියුක් ඩුවල් කවල් ෆිටන් (Buick Dual Cowl Phaeton) වර්ගයේ මෝටර් රියක්, ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයිතිව තිබූ බවයි. මෝටර් රථය කිසි විටෙකත් නිෂ්පාදනයට නොපැමිණි බැවින්, එය දුර්ලභ සොයා ගැනීමක් වූ අතර මෙම වර්ගයේ වෙනත් වාහනයක් නොතිබුණි. සොයාගැනීමෙන් සතුටට පත් විධායක නිලධාරියා මෝටර් රථය මිළදී ගෙන එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔහුගේ…
තැළුණු සහ අලංකාරවූ
බැලූ බැල්මට මාකෝටෝ ෆුජිමුරා විසින් අඳින ලද "ලිලී මල් සලකා බලන්න" යන සිතුවම පසුබිමේ සැඟවී සිටින ලිලී මලක් සහිත සරල, ඒකවර්ණ සිතුවමක් ලෙස මම ප්‍රතික්ෂේප කළෙමි. කෙසේ වෙතත්, චිත්‍රය නිහොන්ගා ලෙස හැඳින්වෙන ජපන් චිත්‍ර ශෛලියේ සිහින්ව තලා දැමූ ඛනිජ වලින් "ස්ථර (තට්ටු) අසූවකට" වඩා පින්තාරු කර ඇති බව මා දැනගත් විට එය ජීවයක් ගෙන දුණි. මෙම චිත්‍ර ශෛලියට "මන්දගාමී කලාව"…
ප්‍රේමය නොමැතිව නිෂ්ඵලයි
මම විශේෂයෙන් ඇණවුම් කළ මේසයට අවශ්‍ය කොටස් පෙට්ටියෙන් ඉවතට ගෙන ඒවා මා ඉදිරියේ තැබීමෙන් පසුව යම් දෙයක් නිවැරදි නොවන බව මම දුටුවෙමි. මේසයේ අලංකාර ලෑල්ල සහ අනෙකුත් කොටස් සඳහා ගණන් බලා ඇතත් එහි එක් පාදයක් අතුරුදහන් වී තිබුණි. කකුල් සියල්ලම සම්පූර්ණ නොමැති නිසා මට මේසය එකලස් කිරීමට නොහැකි වූ අතර එය නිෂ්ඵල විය.
මේසයක වැදගත් කෑල්ලක් නැති වූ විට එය…