මා හැදී වැඩුණු ටෙක්සාස්හී කළු සමූහනයන් තුළ ජූනි 19 වන දින විවිධ උත්සවාකාර පෙරහැරවල් සහ විනෝද චාරිකාවන් තිබුණි. “ජූන්ටීන්ත්” (ජූනි සහ දහනව වන දින හැඳින්වෙන තනි වචනයක්) හි තිබූ සිත් කම්පාවන වැදගත්කම දැන ගැනීමට මා යෞවනයෙකු වන තෙක් මට හැකි වූයේ නැත. “ජූන්ටීන්ත්” සංකේතවත් කරන්නේ 1865 දී ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ටෙක්සාස්හී වහල්කමේ සිටි ජනතාවට නිදහස ලබා දීම පිණිස “නිදහස් කිරීමේ” ප්‍රකාශය වසර දෙකහමාරකට පෙර අත්සන් කර ඇති බව ඔවුන් දැනගත් දිනය වීමයි. ටෙක්සාස්හී වහල්කමෙන් නිදහස් වූ ජනතාව වහල්කමේම ජීවත් වූයේ ඔවුන් නිදහස ලබා ඇති බව නොදැන සිටි හෙයිනි.

නිදහස් වූවත් වහලුන් ලෙස ජීවත්වීමේ හැකියාව ඇත. ගලාති හී පාවුල් තවත් ක්‍රමයක වහල්කමක් ගැන කථා කළේය. ආගමික නීති වල පොඩිකර දමන ඉල්ලීම් යටතේ ජීවත් වීමයි. මෙම ප්‍රධාන පදයෙහි පාවුල් තම පාඨකයන් දිරිමත් කරන්නේ “ක්‍රිස්තුස්වහන්සේ අප මුදා ගත්තේ නිදහස්කම ඇතුව සිටීමටය. එබැවින් දාසකම නැමති වියගහකට නැවත හසු නොවී ස්ථිරව සිටින්න” (ගලාති 5:1) කියාය. යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් කුමක් කන්නේද? කා සමග මිතුරුකම් පවත්වන්නේද යන්න ඇතුළත් පිටස්තර නීතිවලින් නිදහස්කර තිබේ. නමුත් බොහෝ අය ජීවත්වන්නේ තවමත් ඔවුන් වහලුන් යයි සිතා ගෙනය.

කණගාටුවට කාරණයක් නම් අද අපද එසේ කිරීමයි. නමුත් යථාර්ථය නම් මනුෂ්‍යයන් සාදා ඇති ආගමික ප්‍රමිතීන්ගේ බියෙන් යේසුස්වහන්සේ අපව නිදහස් කරන්නේ උන්වහන්සේව විශ්වාස කරන්න පටන් ගන්නා මොහොතේ සිටම වීමය. නිදහස ප්‍රකාශ කර තිබේ. උන්වහන්සේගේ බලයෙන් අපි ඒ අනුව ජීවත් වෙමු.