මා විශ්ව විද්‍යාලයේ දෙවන වසර අවසන් කළ පසු බලාපොරොත්තු රහිත ලෙස එක පංතියේ සිටි මිතුරෙක් මිය ගියේය. ටික දවසකට පෙර මට ඔහු හමුවුනු අතර ඔහු හොඳින් සිටියේය. මගේ මිතුරාද මමද තරුණ වියේ සිටි අතර අප සිතුවේ ඒ ජීවිතයේ හොඳම කාලය කියාය. සහෘදත්වයේ ප්‍රතිඥාවක් දී අප සහෝදර සහෝදරියන් වූවා පමණි.

මගේ පංති මිතුරාගේ මරණය සම්බන්ධයෙන් මට වඩාත් මතක මාගේ සහෘද මිතුරන් මියගිය අය ගැන යාකොබ් පවසන “නොකිලුටු භක්තිය” තුළ ජීවත් වීමය (යාකොබ් 1:27). සහෘද පිරිමින් මිය ගිය අයගේ සහෝදරියට සහෝදරයන් මෙන් විය. ඇගේ සහෝදරයාගේ මරණින් වසර ගණනාවකට පසුවද ඔවුහු ඇගේ විවාහ උත්සවයට සහභාගී වූ අතර ඇයට බබා ලැබෙන්න සිටිද්දී කරන ස්නාන උත්සවයටද සහභාගී වූහ. ඇමතුමක් අවශ්‍ය ඕනෑම වෙලාවක තමන්ට කථා කරන ලෙස පවසමින් කෙනෙක් ඇයට ජංගම දූරකථනයක්ද ලබා දුන්නේය.

යාකොබ්ට අනුව සත්‍ය ධර්මය නම් “මව්පියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලා ගැනීමය” (27 පදය). මගේ මිතුරාගේ සහෝදරිය වචනාර්ථයෙන් වැන්දඹුවක් නොවූුවද ඇයට තවදුරටත් සහෝදරයෙක් සිටියේ නැත. ඇයගේ අලුත් “සහෝදරයෝ” එම හිස් තැන පිරවූහ.

යේසුස්වහන්සේ තුළ සත්‍ය හා පවිත්‍ර ජීවිතයක් පුහුණු වීමට අවශ්‍ය වන අප විසින් කළ යුත්තේ එයයි. එනම් අවශ්‍යතාවයන්ගෙන් යුත් අයව බලා ගැනීමද ඇතුලුව (2:17-17) “දේව වචනය පවසන දේ” පිළිපැදීමය (22 පදය). උන්වහන්සේ තුළ වන අපගේ ඇදහිල්ල අපව පොළඹවන්නේ අවදානමේ සිටින අයව බලා ගන්නත් උන්වහන්සේ අපට උපකාර කරන පරිදි ලෝකයේ සෘණාත්මක බලපෑම්වලින් ඉවත්ව සිටින ලෙසටත්ය. ඇත්තෙන්ම දෙවියන්වහන්සේ පිළිගන්නා සත්‍ය ධර්මය එය වන්නේය.