ඔබ ඔවුන්ගේ කථා අසන විට සිර කරුවෙකුට විඳීමට සිදුවන අසීරුම දෙය වන්නේ පාළුව සහ තනිකම බව පැහැදිළි වන්නේය. තවද එක් අධ්‍යයනයකදී එළිදරව් වූයේ ඔවුන් සිරගතව සිටින කාලය කෙතරම් වූවත් බොහෝ සිරකරුවන්ට මිතුරන්ගෙන් සහ ප්‍රියයන්ගෙන් ලැබෙන්නේ බැහැදැකීම් දෙකක් පමණක් බවයි. තනිකම යනු අඛණ්ඩ යථාර්ථයකි.

බොරු චෝදනාවකට සිරගතව සිටින කල යෝසෙප් දරා ගත් වේදනාව මම පරිකල්පනය කළෙමි. එහි බලාපොරොත්තුවක යම් ඡායාවක් තිබුණි. ඔහුත් සමග සිරගතව සිටි ඵාරාවෝගේ විශ්වාසන්ත සේවකයෙක්ගේ සිහිනයක් නිවැරදිව තෝරා දීමට දෙවියන්වහන්සේ යෝසෙප්ට උපකාර කළ සේක. ඔහු නැවතත් ඔහුගේ තත්ත්වයට පත්වන බව යෝසෙප් එම මනුෂ්‍යයාට දැන්වූ අතර තමාටත් නිදහස ලබා ගැනීමට හැකි වන පරිදි තමා ගැන ඵාරාවෝට මතක් කරන ලෙසට යෝසෙප් ඒ මනුෂ්‍යයාට දැන්වීය (උත්පත්ති 40:14). නමුත් ඒ මනුෂ්‍යයා “යෝසෙප් සිහි නොකොට ඔහු මතක නැති කළේය” (23 පදය). තවත් වසර දෙකක් යෝසෙප් බලා සිටියේය. බලා සිටි එම කාලය තුළදී ඔහුගේ තත්ත්වය වෙනස් වේය යන්න ගැන කිසිම සළකුණක් නොමැතිව සිටියද යෝසෙප් සම්පූර්ණයෙන්ම තනි නොවීය. මක්නිසාද දෙවියන්වහන්සේ ඔහු සමග සිටි සේක. අවසානයේදී ඵාරාවෝගේ සේවකයාට ඔහුගේ පොරොන්දුව සිහි විය. තවත් සිහිනයක් නිවැරදිව තෝරා දීමෙන් පසුව යෝසෙප්ව නිදහස් කෙරුණි (41:9-14).

අපව අමතක වී ඇතැයි හැඟෙන අවස්ථාවන්ද තනිකමේ හැඟීම් ඇතුල්වන අවස්ථාවන්ද තිබුණත් දෙවියන්වහන්සේ තම දරුවන්ට සහතික කරන ලද පොරොන්දුවේ අපට එල්ලී සිටිය හැකිය : “මම නම් නුඹ මතක නැති නොකරන්නෙමි” (යෙසායා 49:15).