අප්‍රිකානු රටක් වන කාලබාර් (දැන් නයිජීරියාව) වෙත මේරි ස්ලේයර් යාත්‍රා කළ විට නැසීගිය ඬේවිඞ් ලිවිංග්ස්ටන්ගේ මිෂනාරි සේවය දිගටම කර ගෙන යාමට ඇය උත්සුක වූවාය. ඇයගේ පළමු ව්‍යාපෘතිය වූයේ හවුල් මිෂනාරිවරුන් සමග ජීවත් වෙමින් පාසැලක ඉගැන්වීම වූ අතර වෙනස් ආකාරයකින් සේවය කිරීමට බරක් ඇයට ඇති වුනි. එම නිසා ඒ පළාතේ කලාතුරකින් සිදුවන දෙයක් ඇය කළාය. එනම් ඇය සේවය කරන ජනතාව අතර ජීවත්වීමට ඇය ගියාය. මේරි ඔවුන්ගේ භාෂාව ඉගෙන ගත්තාය. ඔවුන්ගේ ක්‍රමයට ජීවත් වූවාය. එසේම ඔවුන්ගේ ආහාර අනුභව කළාය. තවද ඇය අත්හැර දමනු ලැබූ දරුවන් දුසිම් ගණනක් ඇයගේ රැකවරණයට ගත්තාය. වසර හතලිහක පමණ කාලයක් බලාපොරොත්තුව සහ ශුභාරංචිය යන දෙකම අවශ්‍ය ජනතාවට එය ලබා දුන්නාය.

අප අවට සිටින අයගේ අවශ්‍යතාවයන් ඇත්තෙන්ම සපුරාලන්නේ කෙසේදැයි අපෝස්තලු පාවුල් දැන සිටියේය. ඔහු 1 කොරින්ති 12:4-5 දක්වා සඳහන් කරන්නේ “නානාප්‍රකාර දීමනා ඇත්තේය. නමුත් එක ආත්මයාණන් වහන්සේය” කියාත් “නානාප්‍රකාර සේවය කිරීම් ඇත්තේය. නුමුත් …….. එක දෙවියන්වහන්සේය” කියාත්ය. ඒ හෙයින් ඔවුන්ගේ අවශ්‍යතා ක්‍ෂේත්‍රයෙහි ඔහු සේවය කළේය. උදාහරණයක් ලෙස “…… දුර්වලයන්ට දුර්වලයෙක් වුණෙමි” (9:22).

මා දන්නා එක් සභාවක් මෑතකදී දැන්වූයේ බාධාවකින් තොර පහසුකම් සහිතව සියලු හැකියාවන් සහිත සේවයක් ගැනයි. ඒ අනුව බාධාවන් සහිත පුද්ගලයන්ට පවා නමස්කාරය විවෘත වුනි. එය සිත් දිනා ගැනීම සඳහා පාවුල්ගේ වැනි සිතීමේ ක්‍රමයක් වූ අතර ඒ මගින් ජනතාව තුළ ශුභාරංචියේ වර්ධනයක්ද සිදු වන්නේය.

අප අපගේ ඇදහිල්ල අප අවට සිටින අය ඉදිරියෙහි ජීවත් කරවන විට ඔවුන්ව නැවුම් මාර්ග වලින් යේසුස්වහන්සේ වෙත ගෙන ඒමට දෙවියන්වහන්සේ අපට උදව් කරන සේක්වා.