සේවියර් ප්‍රාථමික සිසුවෙකුව සිටියදී මම ඔහුව පාසැලටත් පාසැලෙන් නිවසටත් ගෙනාවෙමි. එක් දිනක් සියල්ලම සැළසුම් කළ ආකාරයට සිදු නොවීය. ඔහුව ගැනීමට මම ප්‍රමාද වූයෙමි. මෝටර් රථය නවත්වා කලබලයෙන් මෙන් යාච්ඤා කරමින් මම ඔහුගේ පංති කාමරය වෙත දිව ගියෙමි. ඔහු තම පොත් බෑගය වැළඳගෙන ගුරුවරියක් අසළ බංකුවක වාඩිවී සිටියේය. “මට සමාවෙන්න මිජෝ. ඔයා හොඳින්ද?” ඔහු සුසුමක් හෙළුවේය. “මම හොඳින්. නමුත් ඔබ ප්‍රමාද වූ නිසා මම සිටියේ ඔබත් එක්ක තරහින්”. මම ඔහුට වරද තබන්නේ කෙසේද? මමත් මා සමගම තරහින් සිටිමි. මම මගේ පුත්‍රයාට ප්‍රේම කරමි. නමුත් මම ඔහුගේ බලාපොරොත්තු බිඳ හෙළන බොහෝ වාරයන් ඇති වනු ඇති බව දනිමි. එසේම එක් දිනකදී ඔහුට දෙවියන්වහන්සේ සමගද බලාපොරොත්තු බිඳීමක හැඟීමක් ඇති වනු ඇත. එසේ හෙයින් මෙතෙක් දෙවියන්වහන්සේ කිසි දිනෙක පොරොන්දුවක් කඩ කර නොමැති බව ඔහුට ඉගැන්වීමට මම බොහෝ සේ වෙහෙස වූයෙමි.

ගීතාවලිය 33 අපව දිරිමත් කරන්නේ දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම ප්‍රීතිමත් ප්‍රශංසා වලින් සමරන ලෙසටයි (1-3 පද). මන්දයත් “ස්වාමින්ගේ වචනය සෘජුය. උන්වහන්සේගේ ක්‍රියා සියල්ල විශ්වාසකමෙන්” කෙරෙන හෙයිනි (4 පදය). උන්වහන්සේගේ බලයට සහ උන්වහන්සේ කෙරෙහි යැපිය හැකි වන්නේය යන්නට සාක්‍ෂි ලෙස දෙවියන්වහන්සේ මවන ලද ලෝකය භාවිතා කරමින් (5-7 පද) ගීතිකාකරු “ලෝ වැසි සියල්ලෝ” දෙවියන්වහන්සේට නමස්කාර කරන ලෙසට ඉල්ලා සිටියි (8 පදය).

සැළසුම් බිඳී අන් අය අපව අත් හරින විට දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු බිඳීමේ පරීක්‍ෂාවක් පැමිණිය හැකිය. කෙසේ වෙතත් දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත කම ගැන අපට ඇදහිය හැකි වන්නේ උන්වහන්සේගේ “මන්ත්‍රණ සදාකාලයට” (11 පදය) පවතින නිසාවෙනි. අපගේ ප්‍රේමණීය මැවුම්කරුවාණන් සෑම දෙයක්ම සහ සෑම කෙනෙක්වම දරා ගෙන සිටින බැවින් කාරණා වැරදුන විටදී පවා අපට දෙවියන්වහන්සේට ප්‍රශංසා කළ හැකිය. දෙවියන්වහන්සේ සදාකාලයටම විශ්වාසවන්ත වන සේක.