රොබට් ටොඞ් ලින්කන් ඔහුගේ පියා වූ ප්‍රේමණීය ඇමෙරිකානු ජනාධිපතිවරයා වන ඒබ්‍රහම් ලින්කන්ගේ සෙවනැල්ල මෙන් ජීවත් විය. ඔහුගේ පියාගේ මරණින් බොහෝ කලකට පසුවත් රොබට්ගේ අනන්‍යතාවය ඔහුගේ පියාගේ සෙවනැල්ලෙන් වැසී තිබුණි. ලින්කන්ගේ සමීප මිතුරෙක් වන නිකලස් මරේ බට්ලර්, ලින්කන් නිතරම පවසන දෙයක් ගැන මෙසේ ලිවීය: “මාව හමුදා නිලධාරියෙක් ලෙස කිසිවෙකුට අවශ්‍ය කරන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ ලින්කන්ගේ පුත්‍රයාවය. එංගලන්තයේ සේවය කිරීමට කිසිවෙකුට මාව අවශ්‍ය වූයේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ ලින්කන්ගේ පුත්‍රයාවය. පුල්මන් සමාගමේ සභාපති ලෙසට කිසිවෙකුට මාව අවශ්‍ය වූයේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ ලින්කන්ගේ පුත්‍රයාවය”.

එවැනි අසහනයන් ජනප්‍රිය අයගේ දරුවන්ට පමණක් සීමා නොවේ. අපි කව්ද යන්න පිළිබඳව අපට වටිනාකමක් නොදීම ගැන අප සියල්ලන්ටම ඇති වන හැඟීම පොදුය. නමුත් දෙවියන්වහන්සේ අපට ප්‍රේම කරන ආකාරය ලෙස අපගේ වටිනාකමේ ගැඹුර පෙනෙන වෙනත් ස්ථානයක් නොමැත.

අප පාපයේ සිටින විට අපි කව්ද කියාත් අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ වන්නේ කව්ද කියාත් අපෝස්තලු පාවුල් හඳුනා ගත්තේය. “අප දුර්වලව සිටියදීම නියම කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ අභක්තිකයන් උදෙසා මළ සේක” (රෝම 5:6) යනුවෙන් අපෝස්තලු පාවුල් ලිවීය. අපි ඉතාම නරක තත්ත්වයක සිටියත් දෙවියන්වහන්සේ අපට ප්‍රේම කරන්නේ අප කව්ද යන්න නිසාය. පාවුල් මෙසේ ලිවීය : “දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේ මරණය විඳීමෙන්ය” (8 පදය). දෙවියන්වහන්සේ අපව කෙතරම් අගය කරනවාද කියතොත් අප වෙනුවෙන් කුරුසියට යාමට උන්වහන්සේගේ පුත්‍රයාට ඉඩ හැරිය සේක.

අපි කව්ද? අපි දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය දරුවෝ වන්නෙමු. ඊටත් වඩා ඉල්ලිය හැක්කේ මොනවාද?