ජාතීන් අතර ධර්මිෂ්ඨයෝ
ඉශ්‍රායලයෙහි පිහිටා ඇති යඩ් වෂෙම් කෞතුකාගාරයට මාත් මාගේ සැමියාත් ගියෙමු. එහි ඇත්තේ යුදෙව්වන්ට වූ කෲරත්වය පෙන්වන කාරණාය. "හොලෝකෝස්ට්" නැමැති එම යුගෙයේ තම ජීවිත පරදුවට තබා යුදෙව්වන්ට උපකාර කළ අන් ජාතීන්ට අයත් සෙනගට ගරු කිරීම පිණිස සාදා ඇති ජාතීන් අතර ධර්මිෂ්ඨයෝ නැමැති උද්‍යානයට අපි ගියෙමු. එම ස්මාරක දෙස බලන අතර අපට ඕලන්දයෙන් පැමිණි කණ්ඩායමක් මුණ ගැසුණි. එක් ස්ත්‍රියක් ඇවිත් සිටියේ ඇයගේ…
ශීත සෘතුවේ හිම
ශීත සෘතුවේදී මම බොහෝ විට අවදිවන්නේ නිසල සාමකාමී හිම තට්ටුවක් දකිමිනි. එය අලංකාර මවිතයකි. වසන්ත සෘතුවේ රාත්‍රියේ ශබ්ද නගා ගෙන පැමිණෙන විදුලි කෙටීම් මෙන් නොව හිම වැටෙන්නේ නිසලවය.
ඔඩ්රි අසාද් ගයන "ශීත සෘතුවේ හිම" යන ගීතය පවසන්නේ යේසුස්වහන්සේට සුළි කුණාටුවක් ලෙසට මොලොවට පැමිණීමට තිබූ බවය. නමුත් උන්වහන්සේ පැමිණියේ මාගේ ජනේලය අසළින් වැටෙන හිම මෙන් නිසසලව සාමකාමීවය.
යේසුස්වහන්සේගේ පැමිණීම බොහෝ අය…
බිම්ගල් වල අලංකාරය
ඉශ්‍රායෙලයේ අයින් කාරෙම් නගරයේ බැහැදැකීමේ දේවස්ථානයෙහි ලූක් 1:46-55 ලියා ඇති බිම්ගල් 67 හි අලංකාරය මා විශ්මපත් කලේය. එය බොහෝ භාෂාවලින් ලියැවී තිබුණි. උදාන ගීතය යයි සම්ප්‍රදායානුකූලව හඳුන්වන එහි අර්ථය උසස් කිරීමයි. තමා මෙසියස් වහන්සේගේ මව වන බව දැන ගත් විට මරියා දැක්වූ ප්‍රීතිමත් ප්‍රතිචාරය එම වචන වලින් ප්‍රකාශ වන්නේය.
සෑම ගලකම මරියාගේ වචන අඩංගු වේ. "මාගේ සිත ස්වාමීන්වහන්සේ වර්ණනා කෙරෙයි, මාගේ…
දෙවියන්වහන්සේ මෙහිය
අපගේ නිවසේ ඇති ඵලකයක සඳහන් වන්නේ "ආරාධනා කළත් නැතත් දෙවියන්වහන්සේ මෙහිය" කියාය. නවීන අනුවාදයක එය "පිළිගත්තත් නොපිළිගත්තත් දෙවියන්වහන්සේ මෙහිය" කියා දැක්වෙනු ඇත.
හොෂෙයා පැරණි ගිවිසුම් ලේඛකයෙකි. ඔහු ජීවත්වූයේ ක්‍රි.පූ. අටවන සියවසේ අග භාගයේය (755-715). ඔහු ඊට සමාන වචන ඉශ්‍රායෙල්වරුන්ට ලීවේය. ඔහු ඉශ්‍රායෙල්වරුන්ට ඉදිරියට යාමටද (හොෂෙයා 6:3) දෙවියන්වහන්සේව නැවත පිළිගැනීමටද දිරිමත් කළේය. ඊට හේතුව ඔවුහු දෙවියන්වහන්සේ අමතක කර තිබූ නිසාය (4:1).…
ස්පර්ශයේ බලය
ආචාර්ය පෝල් බ්‍රෑන්ඩ් 20 වන සියවසේ සිටි පුරෝගාමී වෛද්‍ය ධර්මදුත සේවකයෙකු විය. ඔහු ඉන්දියාවේ ලාදුරු රෝගය සමග සම්බන්ධ සමාජ ප්‍රතික්‍ෂේපය දෑසින් දිටීය. ඔහු රෝගියෙක්ව දිනක් අතගැසුවේ ප්‍රතිකාර කිරීමට හැකි බව ඔහුට ඒත්තු ගැන්වීමටය. මිනිසාගේ කම්මුල් දිගේ කඳුළු ගැලීමට පටන් ගත්තේය. සේවකයෙකු ආචාර්ය බ්‍රෑන්ඩ්ට එම කඳුළු විස්තර කළේය. "ඔබ ඔහුව ස්පර්ශ කළා. වසර ගණනක් කිසිවෙක් එසේ කරල නැහැ! ඒ සතුටු කඳුළු".…
යේසුස්වහන්සේ ගැන කථා
කුඩා අවධියේදී මා ගමේ කුඩා පුස්ථකාලයට යෑමට ආශා කළෙමි. එක් දිනක් මම යෞවන වැඩිහිටි අංශයේ පොත් රාක්කය දෙස බලමින් සිටියෙමි. සියලු පොත් කියවීමට මට හැකි යැයි මම සිතා සිටියෙමි. මාගේ උනන්දුව නිසා මට එක් වැදගත් දෙයක් අමතක විය. එනම් රාක්ක වලට නිතිපතා අළුත් පොත් එකතු වන බවයි. මම දැඩි උත්සාහයක් ගත්තද පොත් ගණන ඉතා වැඩි විය.
අලුත් පොත්වලින් රාක්ක දිනපතා…
දිරිමත් කරන්නන්ගේ ආශිර්වාදය
2010 නිපදවුනු "රජුගේ කථාව" (The King’s Speech) යන චිත‍්‍රපටය එංගලන්තයේ 6 වන ජෝර්ජ් පිළිබඳව කියයි. ඔහු රජ බවට පත්වූයේ ඔහුගේ සහෝදරයා හදිසියේ රජකම අත්හැර දැමු විටය. ලෝකය දෙවන ලෝක යුද්ධය අභිමුවේ සිටියේය. රජයේ නිලධාරීන්ට අවශ්‍ය වූයේ හොඳ කථිකයෙකි. ඊට හේතුව ගුවන් විදුලියෙන් එකල කළ බලපෑමය. නමුත් 6 වන ජෝර්ජ්ට ගොත ගැසීමේ ගැටළුවක් තිබුණි.
ජෝර්ජ්ගේ භාර්යාව වන එලිසබෙත්ගේ භූමිකාව මා සිත්…
ඔබගේ ගමනට ශක්තිිය
"උස් ස්ථානවල පසු පාද" යනු කිතුණු ජීවිතය ගැන මනහර දෘෂ්ඨාන්තයකි. එහි පදනම හබක්කුක් 3:19 යි. එම කථාවේ එඬේරෙකු සමග යන "ඉතා බියවූ" චරිතයක් ගැන කියවේ. ඇය භය නිසා තමාව ඔසවා ගෙන යන්න කියා එඬේරාට කියයි.
එඬේරා කරුණාවෙන් පිළිතුරු දෙන්නේ "ඔබට කන්ද නගින්න නොදී ඉහළටම ඔසවා ගෙන යන්න මට පුළුවන්. නමුත් කවදාවත් එවිට ඔබගේ පසු පාද ශක්තිමත් වන්නේ නැහැ! එවිට මා…
ස්වර්ගයෙන් උපකාරය
අතී අසීරු අවස්ථා දැන්වීමට නාවිකයන්ට ක්‍රමයක් අවශ්‍ය වූ නිසා SOS නම්වූ මෝස් සංඥා ක‍්‍රමය 1905 දී සොයා ගන්නා ලදී . 1910 දී එම සංඥාව ප්‍රසිද්ධ වූයේ කෙන්ටකී නැව ගිලෙන්නට යන විට එය භාවිතා කිරීමෙන් නැවේ සිටි නාවිකයන් 46 දෙනාම ගැළවුණු නිසාය.
මෝස් සංඥා ක‍්‍රමය මෑතකදී සොයා ගත්තක් වුවද උපකාර ඉල්ලා කළ දැඩි ආයාචනය මනුෂ්‍යත්වය තරමට පැරණිය. එය අප බොහෝ විට පරණ…
පරීක්ෂාකාරී රැකවරණය
පාසැලට යාමට දොරෙන් පිටවී දිව යාමට පෙර දත් මැද්දේදැයි මම මාගේ පුත්‍රයාගෙන් ඇසීමි. නැවතත් ඔහුගෙන් ඇසීමෙන් සත්‍යය කීමේ වැදගත්කම ගැන මම ඔහුට සිහිපත් කළෙමි. මාගේ අවවාදයෙන් නොසැලී ඔහු කීවේ නාන කාමරයේ සීසීටීවී කැමරාවක් සවි කරන ලෙසය. එවිට මටම එය බලා ගත හැකි බවත් බොරු කීමට ඔහුට පරීක්ෂාවක් නොපැමිණෙන බවත් ඔහු විහිළුවෙන් පැවසීය.
ආරක්ෂිත කැමරා තිබීම නීති රැකීමට අපට උපකාර වන…