පියානෝ වාදනයේ මූලධර්ම මා දන්නා බවට ඔප්පු කරන්න යැයි මාගේ දරුවෝ මට ඇවිටිලි කළ නිසා මම වාඩිවී “සී” තනුව වාදනය කිරීමට ආරම්භ කළෙමි. දශක දෙකක පමණ කාලයක් පියානෝ වාදනය නොකළද මට මතක තිබීම ගැන මම පුදුම වීමි. මා ධෛර්යමත්වී තවත් තණු සතක් පමණ කට පාඩමින් වාදනය කළෙමි. වසර ගණනක පුහුණුව මාගේ ඇඟිලිවල මතකයට මුද්‍රා කර තිබුණි. කරන්නේ කුමක්දැයි ඇඟිලි ක්‍ෂණිකව දැන ගත්තේය.

කිසි දිනෙක අමතක කළ නොහැකි සමහර දේවල් තිබේ. නමුත් අපගේ ගෙවී යන මතකයන් මෙන් නොව දෙවියන්වහන්සේ තම දරුවන්ට දක්වන ප්‍රේමය ඉතා ගැඹුරින් මුද්‍රා වී තිබේ. සත්‍ය ලෙසම දෙවියන්වහන්සේට ඔවුන්ව අමතක කිරීමට බැරිය. වහල්කම නිසා උන්වහන්සේ තමන්ව අත්හැර ඇතැයි හැඟුණු ඉශ්‍රායෙල්වරුන් ඇසිය යුතු වූයේ එයයි (යෙසායා 49:14). යෙසායා තුළින් උන්වහන්සේ කළ ප්‍රතිචාරය ඉතා පැහැදිළිය. “මම නම් නුඹ මතක නැති නොකරන්නෙමි” (15 පදය). තම සෙනගට සළකන බවට දෙවියන්වහන්සේගේ පොරොන්දුව තම දරුවාට මවක් දක්වන ප්‍රේමයට වඩා ස්ථිරය.

උන්වහන්සේගේ නොවෙනස් ප්‍රේමය ගැන ඔවුන්ට දක්වන පිණිස උන්වහන්සේගේ කැපවීමේ චිත්‍රයක් උන්වහන්සේ දුන් සේක. “බලව, මාගේ අතුල්වල නුඹ කොට ගතිමි” (16 පදය). දෙවියන්වහන්සේ තම දරුවන් කෙරෙහි අඛණ්ඩ අවධානයෙන් සිටීම ගැන එය අනර්ඝ රූපකයකි. ඔවුන්ගේ නම් සහ මුහුණු උන්වහන්සේ ඉදිරියෙහි සැමවිට ඇත්තේය.

අදද අපව අමතකවී ඇතැයි කියා හෝ ආපව නොසළකා හැර ඇතැයි කියා හෝ අපට සිතිය හැකිය. සෑම විටම සිහිපත් කරමින්, පියාණන්ගෙන් ප්‍රේමය ලබමින් දෙවියන්වහන්සේගේ අතුල්වල අපව කොටා ගෙන ඇති බව දැනීම කෙතරම් සහනයක්ද!