අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

මැරියන් ස්ට්‍රවුඩ් විසින් රචිත ලිපි

ක‍්‍රිස්තුස්වහන්සේගේ සුවඳ

ඔබගේ මතකයන් නැවත ඔබට සිහිකරවන්නේ පංච ඉන්ද්‍රීයයන්ගෙන් කුමන ඉන්ද්‍රියද? මට නම් එ් සුවඳය. හිරු රශ්මි ආලේප වර්ගයක් මට මතක් කරන්නේ ප‍්‍රංශ මුහුදු වෙරළකි. කුකුල් කෑම සුවඳ මට කුඩා කාලයේ ආච්චිලාගේ ගෙවත්ත මතකයට ගෙනෙන්නේය. පයින් ගස් සුවඳ "නත්තල" මතක් කරයි. රැවුල් කැපූ පසු දමන ආලේපයක් මාගේ පුතාගේ යෞවන කාලය මතකයට ගෙන එයි.

පාවුල් කොරින්තිවරුන්ට මතක් කරන්නේ අප ක‍්‍රිස්තුස්වහන්සේගේ සුවඳ බවය. "අපි…

දෙවියන්වහන්සේගේ ක‍්‍රමය

අපට දෙවියන්වහන්සේගේ මඟපෙන්වීමක් අත්‍යවශ්‍ය විය. කුඩා දරුවන් දෙදෙනෙකු මාස තුනක් බලාගැනීමට අපට පැවරිනි. ඔවුන්ගේ අනාගතය ගැන තීරණයක් ගැනීම ඉතා අවශ්‍ය විය. අපටද ඊට වඩා වයසින් වැඩි දරුවන් තිදෙනෙකු විය. පෙර පාසැල් දරුවන් දෙදෙනෙකු හදාවඩා ගැනීම අපගේ පවුල් සැලැස්මට හරියන බවක් නොපෙනිණි. අපගේ පවුලද වැඩද දෙගුණ වේ. ඇමී කාර්මයිකල් විසින් ලියන ලද අපගේ දෛනික නමස්කාර පොත අපව ගණන් කථාව 7වන පරිච්ඡේදයට…

කරුණාකර ඇතුල්වන්න

ජෙනීගේ නිවස පිහිටා ඇත්තේ ගමේ කුඩා පාරකය. ප‍්‍රධාන මාර්ගය මඟ හැරීමට අවශ්‍ය රියදුරෝ බොහෝ විට එම මාර්ගය භාවිතා කරති. සති කිහිපයකට පෙර පාර අලුත්වැඩියාවට කම්කරුවෝ පැමිණියෝය. ඔව්හු පාර අවහිර කොට "ඇතුල්වීම තහනම්" සලකුණු දැමුවෝය. "මම භයවුනා, මම හිතුව පාර හදල ඉවර වෙන කල් රථය එළියට ගන්න බැරිවෙයි කියලා. එහෙත් එම පුවරුව දෙස හොඳින් බැලූ විට ‘පදිංචිකරුවන්ට හැර’ කියා කුඩා අකුරින් ලියා තිබිණි. මට…

නොසැලකිලිමත් වචන

මගේ දියණිය මෑතකදී කිහිප වරක් රෝගී වූවාය. ඇයගේ ස්වාමිපුරුෂයා ඇයට ඉතා හොඳින් සැලකුවේය. සහයෝගය දුන්නේය. "ඔයාට ලැබුණේ වටිනා කෙනෙක්" යැයි මම කීමි. ඇය සිනහවී "මම යාළුවුන මුල්කාලයේ ඔයා එහෙම කිව්වේ නැහැ" යනුවෙන් කීවාය.

ඇය නිවැරදිය. ඉසිල්ඩා සහ පිලිප් විවාහ ගිවිසගත් විට මම ටිකක් කල්පනා කළෙමි. ඔවුන්ගේ පෞර්ෂයන් වෙනස් විය. ඇයගේ පවුල විශාල එසේම ඝෝෂාකාරී එකක් විය. පිලිප් නිහඬ පුද්ගලයෙකි. එසේම…

මට යේසුස්වහන්සේ සිටිනසේක

අපගේ ජීවිතයේ කරදර නැති කාලයක් එන්නේ ඉඳහිටය. එහෙත් සමහර කාලවලදී පහරදීම බියකරුය. 1994දී රුවන්ඩා සමූලඝාතනයේදී රොස්ගේ දියණියන් දෙදෙනා හැර අනික් සියලු දෙනා මරනු ලැබීය. දැන් ඇය බොහෝ වැන්දඹුවන් අතර එක් වැන්දඹුවකි. ඇයට ඇත්තේ මුදල් ස්වල්පයක් පමණි. ඇය පරාජයවීම ප‍්‍රතික්ෂේප කළාය. ඇය අනාථ දරුවන් දෙදෙනෙකු හදාගනී. ඇය තම පවුලේ පස් දෙනාගේ ආහාර සහ දරුවන්ගේ පාසැල් වියදම් පිළිබඳව දෙවියන්වහන්සේගේ සැපයීම බලාපොරොත්තු වන්නීය.…

දෙවියන්වහන්සේ එතරම් ප්‍රේමකළසේක . . .

පළමු ලෝක යුද්ධය ආරම්භවී සියවසක් සිහිකිරීම 2014 ජූලි 28 වැනි දින සිදු විය. වසර 4ක එම ගැටුමේ ආරම්භය පිළිබඳ බි‍්‍රතාන්‍ය මාධ්‍ය බොහෝ සාකච්ඡා සහ වාර්තා චිත‍්‍රපට විකාශනය කළේය. "මිස්ටර් සෙල්ෆ්‍රිජ්” නැමති ලන්ඩනයේ තිබූ සැබෑ සුපිරි වෙළඳ සැලක් පිළිබඳ චිත‍්‍රපටයකද 1914දී තරුණ පිරිමි සේවකයන් යුද හමුදාවට බැඳීමට පෝළිම් ගැසී සිටි ආකාරය පෙන්වා තිබේ. ආත්ම පරිත්‍යාගය පිළිබඳ මෙම දර්ශන නරඹන විට මාගේ…

මාගේ අසල්වැසියා කව්ද?

මේරි සති මැද සභා රැස්වීම් ගැන ප‍්‍රීතියෙන් සිටියාය. එ් ඇයත් තවත් මිතුරන් කිහිපදෙනෙකුත් එක්ව යාච්ඤාවට, නමස්කාරයට සහ පසුගිය සතියේ දේශනාවේ කරුණු ගැන සාකච්ඡා කිරීමටය. මේ සතියේ ඔවුන් සූදානම්ව සිටියේ සභාවට "යෑම" සහ දුක් විඳින ලෝකයක සභාව "වීම" පිළිබඳවය. ඇය තම මිතුරියන් හමුවී ජවසම්පන්න සාකච්ඡාවකට ආශාවෙන් බලා සිටියාය.

ඈ මෝටර් රථයේ යතුර අතට ගත්තා පමණි. දොරේ සීනුව නාදවිය. "මම කැමති නැහැ…

මගේ ක‍්‍රමය

කුඩා පිරිමි ළමයි දෙදෙනෙක් නූල් සහ කෝටු වලින් සංකීර්ණ ක‍්‍රීඩාවක් කරමින් සිටියහ. විනාඩි කිහිපයකට පසු ලොකු පිරිමි ළමයා තමාගේ මිත‍්‍රයා වෙත හැරී කෝපයෙන් කීවේ "ඔයා එ්ක හරියට කරන්නේ නැහැ. මේක මගේ ක‍්‍රීඩාව. එ්ක කරන්න ඕනේ මගේ ක‍්‍රමයට, ඔයාට ආයි මේක කරන්න බැහැ!" යනුවෙනි. කරුණු අපගේ ක‍්‍රමයට කිරීමේ ආශාව ආරම්භ වන්නේ කුඩා කාලයේදීය!

නාමන් තමාගේ ක‍්‍රමයට වැඩකර පුරුදු කෙනෙකි. ඔහු සිරියාවේ…

ජලය මත ඇවිදීම

ඔරු පැදීම ඉගෙන ගන්නා කාලයේ අපේ පාඩම් සිදුවූ කුඩා බෝට්ටු වලට නැගීම පිණිස ජලයේ පාවුණ සෙලවෙන ලී පාලමක මට බොහෝ දුරක් යාමට සිදු විය. මම එයට අකමැති වීමි. සමබර වීමේ හැකියාවක් මට නොතිබිණ. ඔරුවට නගිද්දී පාලමත් බෝටුවත් අතර ඇති ජලයට වැටේ කියා මට බියක් ඇති විය. බෝට්ටුවට ගොඩවීමට උත්සාහ කිරීම අත්හැර දැමීමට මට සිතිණ. "මා දිහා බලන්න" කියා උපදේශක මට…

මඩේ සිරවී

අපි සම්පූර්ණයෙන් සිරවී සිටියෙමු. මාගේ දෙමාපියන්ගේ සොහොන මත මා මල් වඩමක් තබන අතර තව රථයකට ඉඩදීමට මාගේ ස්වාමිපුරුෂයා රථය පසුපසට ගත්තේය. සති ගණනක් වැසි වැසීම නිසා නවත්වන ස්ථානය මඩවී තිබිණි. අප යාමට උත්සාහ කරන විට රථය සිරවී ඇති බව අපට වැටහිණි. රෝද කැරකී කැරකී තවත් යටට එරින.

තල්ලූවක් නැතිව කිසිදෙයක් කිරීමට බැරිවිය. මගේ ස්වාමිපුරුෂයාගේ උරහිස බිඳී තිබිණි. දුර සිටින තරුණයන්…