මගේ දියණිය මෑතකදී කිහිප වරක් රෝගී වූවාය. ඇයගේ ස්වාමිපුරුෂයා ඇයට ඉතා හොඳින් සැලකුවේය. සහයෝගය දුන්නේය. “ඔයාට ලැබුණේ වටිනා කෙනෙක්” යැයි මම කීමි. ඇය සිනහවී “මම යාළුවුන මුල්කාලයේ ඔයා එහෙම කිව්වේ නැහැ” යනුවෙන් කීවාය.

ඇය නිවැරදිය. ඉසිල්ඩා සහ පිලිප් විවාහ ගිවිසගත් විට මම ටිකක් කල්පනා කළෙමි. ඔවුන්ගේ පෞර්ෂයන් වෙනස් විය. ඇයගේ පවුල විශාල එසේම ඝෝෂාකාරී එකක් විය. පිලිප් නිහඬ පුද්ගලයෙකි. එසේම මාගේ සැක සහ බිය මගේ දියණිය සමඟ මම සෘජුව බෙදාගතිමි. මා වසර 15කට පෙරකී දේවල් ඇයගේ මතකයේ තවමත් තිබීම ගැන මම දැඩි බියට පත්වුණෙමි. එවැනි ගැළපෙන ප‍්‍රීතිමත් පවුලක් බිඳ දැමීමට එ්වාට හැකියාව තිබිණි. එය මට මතක් කර දෙන්නේ අප අන් අයට කියන දේවල් කෙතරම් පරිස්සමෙන් කිව යුතුද කියාය. අපගේ පවුලේ, මිතුරන්ගේ හෝ වැඩපලේ අයගේ දුර්වල තැන් යැයි සැලකෙන දේවල් පෙන්වීමට අපි ඉක්මන්වෙමු. අපි ඔවුන්ගේ සාර්ථකත්වයන්ට වඩා වැරදි කියා පාන්නෙමු. “දිව කුඩා අවයවයක්” බව යාකොබ් පවසයි (3:5). එහෙත් දිව හැඩගසන වචන වලට සම්බන්ධතා බිඳ දැමිය හැකිය. නැතිනම් වැඩ පලේ, සභාවේ හෝ පවුලේ ඇතිවන තත්ත්වයකට සාමය සහ සමගිය ගෙන ආහැකිය.

අප සැම දිනක්ම ආරම්භ කරන විට උදෑසන දාවිත්ගේ යාච්ඤාව කරන්නේ නම් හොඳ විය හැක. “ස්වාමිනී මාගේ කටෙහි රැකවලක් තබා මාගේ තොල් නැමති දොර රක්ෂා කළ මැනව” (ගීතාවලිය 141:3).