අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Patricia Raybon

පැට්‍රීෂියා රේබෝන්

.

පැට්‍රීෂියා රේබෝන් විසින් රචිත ලිපි

දෙවියන්වහන්සේ විසින් දක්නා ලද

මාගේ පළමු උපැස් යුවළ බොඳවූ ලෝකයක් මට ආලෝකමත් කළේය. මම සමීප ද්‍රෘෂ්ටිය ඇත්තියක්මි. එනම් : ළඟ ඇති දේවල් පැහැදිළිව තියුණුුව මට පෙනේ. නමුත් උපැස් යුවල නොමැතිව කාමරයේ දුර ඇති දේවල් බොඳවී පෙනේ. වයස දොළහේදී මම පළමු උපැස් යුවල භාවිතා කළ විට කළු ලෑලිවල පැහැදිලි වචන, ගස්වල කුඩා පත්‍රිකා සහ සමහර විට වඩා වැදගත් වන මුහුණුවල ඇති සිනහවන් මට පැහැදිළිව පෙනෙද්දී…

ලොකු දෙයක්

දෙසැම්බර් කුලිය ගෙවීමට පවුලේ අයෙකුට උපකාර අවශ්‍ය විය. ඔහුගේ පවුලට එය විශාල කරදරයක් මෙන් හැඟුණි. විශේෂයෙන් වසර අවසානයේ එන බලාපොරොත්තු නොවන වියදම් නිසාය. නමුත් ඔවුන්ගේ ඉතිරි කිරීම්වලින් ඔව්හු මුදල් ගත්තෝය. දෙවියන්වහන්සේගේ සැපයීමට කෘතඥතාවය දැක්වූහ. තම ඥාතියාගේ කෘතඥතාවයෙන් ආශිර්වාද ලැබීය.

මුදල ලද අය ඔවුන්ට ස්තුති කිරීමේ කාඩ්පතක් අනුග්‍රාහික වචනවලින් ලියා දුන්නේය. "එය විශාල දෙයක් ලෙස නොසළකා ඔබ නැවතත් යහපත් දෙයක් කළා.."…

නායකයා අනුගමනය කිරීම

අපේ නිවස ඉහළ අහසේ යුධ ජෙට් යානා තුනක් හඬ නගමින් පියාසර කරති. ඒවා කෙතරම් ළඟින් යන්නේද කිවහොත් අපට පෙනෙන්නේ එක් යානයක් ලෙසිනි. "ෂහ්!" මම මගේ ස්වාමිපුරුෂයාට කීවෙමි. "නියමයි" ඔහු එකඟ විය. අප සිටින්නේ ගුවන් හමුදා මූලස්ථානය අසලය. ඒ හෙයින් එවැනි දේවල් මෙහි දුලබ නොවේ.

මේ ජෙට් යානා පියාසර කරන සෑම මොහොතකම මට එකම ප්‍රශ්නයක් මතක් වේ. "මේවා මෙතරම් ළඟින් ගමන්…

මෙසියස්වහන්සේ බලාපොරොත්තු වීම

අලුත් වැඩියා කිරීමට පැමිණි කෙනා තරුණයෙකු බව පෙණුනි. පණ නොගැන්වෙන අපගේ කාරය අලුත්වැඩියා කිරීමට ඔහු තරුණ වැඩියි. "ඔහු තාම දරුවෙක්" ඩෑන් මට කෙඳිරුවේ සැකයෙනි. ඔහුගේ සැකය නාසරෙත්හි පුරවැසියෝ යේසුස්වහන්සේ කවුද කියා කෙඳිරුවාක් මෙනි.

යේසුස්වහන්සේ සිනගෝගයේ උගන්වද්දී "මේ වඩුවාගේ පුත්‍රයා නොවේද?" (මතෙව් 13:55) ඔවුහු ඇසුවෝය. ඔවුහු කෝපයෙන් යුතුව උන්වහන්සේ තමන් අඳුනන කෙනෙකු සුවකරමින් උගන්වනවා දැක පුදුම වී "මේ මනුෂ්‍යයාට මෙවැනි ප්‍රඥාවක් සහ…

ස්තුතිදීමෙන් දෙවියන්වහන්සේට ගෞරව කිරීම

මාගේ ස්වාමිපුරුෂයාගේ පිළිකාව එළිදරව් කළද වෛද්‍යවරිය කණස්සල්ලෙන් සිටියේ නැත. සිනහසෙමින් ඇය යෝජනාවක් ඉදිරිපත් කළාය. "සෑම දවසක්ම ස්තුතියෙන් අරඹන්න. අඩු තරමින් කාරණා තුනකට". ඩෑන් එය පිළිගත්තේය. කෘතඥතාවය දෙවියන්වහන්සේගේ යහපත්කම තුළ ධෛර්යය උපදවන බව ඔහු දැන සිටියේය. ඩෑන් සෑම දිනක්ම ප්‍රශංසාවේ වචනවලින් අරඹයි. "රාත්‍රියේ හොඳ නින්දක් දුන් නිසා ඔබවහන්සේට ස්තුතියි. මාගේ පිරිසිදු ඇඳ නිසා, හිරු එළිය නිසා, උදෑසන ආහාරය දුන් නිසා, මට…

උපකාර ඉල්ලීම

වෙහෙසකාරී දිර්ඝ දිනයක් අවසානයේ ඇගේ විද්‍යුත් පණිවුඩය මට ලැබුණි. මා එය විවෘත කළේ නැත. පවුලේ රෝගී සාමාජිකයෙක්ගේ තදබල රෝගය පාලනය කිරිම ගැන මම අතිකාල සේවයේ යෙදී සිටියෙමි. එසේ හෙයින් සමාජ බාධාවලට මට කාලය නොතිබුණි.

පසුදින උදෑසන මම මාගේ මිතුරියගේ පණිවුඩය බැලීමි. එවිට මම එම ප්‍රශ්නය දුටුවෙමි. "ඔබට උපකාර කිරීමට මට මෙනවා හරි කරන්න පුළුවන්ද?" ලැජ්ජාවට පත්වී "නැහැ" කීමට පටන් ගත්තෙමි.…