කථා කිරීමට කාලයක්
අප්‍රිකානු-ඇමරිකානු කාන්තාව වසර තිහක් පුරාවටම විශාල ගෝලීය සේවයක් කරන සංවිධානයක් සඳහා විශ්වාසවන්තව සේවය කළාය. එහෙත් ඇය වාර්ගික අසාධාරණය ගැන තමන් සමග සේවය කරන සේවකයින් සමග කථා කිරීමට උත්සාහ කළ විට ඇයට ලැබුණු ප්‍රතිචාරය වූයේ නිහඬතාවයයි. කෙසේ වෙතත් අවසානයේදී 2020 වසන්ත කාලයේදී ජාතිවාදය පිළිබඳ විවෘත සාකච්ඡා ලොව පුරා ව්‍යාප්ත වෙද්දී ඇය සමග සේවය කරන මිතුරෝ “විවෘත සංවාදයක් ආරම්භ කළහ”. විවෘත සාකච්ඡා…
ඔබේ වැට අහක් කරන්න
ගමේ පූජකතුමාට නිදා ගැනීම අපහසු වුනි. 2 වන ලෝක යුද්ධය උත්සන්න වෙද්දී ඔහු ඇමෙරිකානු සොල්දාදුවන් කණ්ඩායමකට කියා සිටියේ තම දේවස්ථානය පසෙකින් වැටක් ගසා වෙන් කර ඇති සුසාන භූමියේ ඔවුන්ගේ මියගිය සහෝදර භටයන්ව භූමදාන කළ නොහැකි බවයි. දේවස්ථානයේ සාමාජිකයන් පමණක් භූමදාන කිරීමට අවසර තිබුණි. එම නිසා ඒ මනුෂ්‍යයන් තමන්ගේ ප්‍රේමණිය මිත්‍රයාව වැටෙන් පිටත වළලා දැමූහ.
කෙසේ වෙතත් පසුවදා උදෑසන සොල්දාදුවන්ට සොහොන…
ප්‍රඥාවේ සිට ප්‍රීතිය දක්වා
දූරකථනය නාද වු අතර මම එය ප්‍රමාදයකින් තොරව ගත්තෙමි. ඇමතුවේ අපගේ දේවස්ථාන පවුලේ පැරණිතම සාමාජිකාව වන අවුරුදු සියයකට ආසන්න වයසැති වෙහෙස මහන්සි වී වැඩ කරන කාන්තාවකි. ඇගේ නවතම කෘතියට අවසාන වගන්ති ලබා දෙමින් එය අවසන් කිරීමට ඇය මගෙන් ලිවීමේ ප්‍රශ්න කිහිපයක් ඇසුවාය. කෙසේ වෙතත් සෑම විටම කරන්නාක් මෙන් මම ඇයගෙන් ප්‍රශ්න අසමින් සිටියෙමි. ජීවිතය ගැන, රැකියාව ගැන, ආදරය ගැන, පවුල…
බයිබලය විශ්වාස කරමින්
සුප්‍රකට ඇමෙරිකානු ඉවැන්ජලිස්තවරයෙක් වන බිලී ග්රැහැම් බයිබලය සම්පූර්ණයෙන්ම සත්‍යයක් ලෙස පිළිගැනීමට දැරූ අරගලය ගැන වරක් විස්තර කළේය. එක් රාත්‍රියක ඔහු සැන් බර්නාඩිනෝ කඳුකරයේ ඥානකාන්ති මධ්‍යස්ථනයක සඳ එළියේ තනිවම ගමන් කරමින් සිටියදී පැකිළෙමින් යාච්ඤාවක් කිරීමට දණින් වැටී බයිබලය ගසක කඳක් මත තබා “අනේ දෙවියන්වහන්ස, මේ පොතේ තිබෙන බොහෝ දේවල් මට තේරෙන්නේ නැත” කියා කීවේය.
ඔහුගේ ව්‍යාකූලත්වය පාපෝච්චාරණය කිරීමෙන් පසු “පියාණෙනි, මෙය…
පළමුව සමාව දෙන්න
අපි අපව “ක්‍රිස්තුස්වහන්සේ තුළ සහෝදරියන්” ලෙස හඳුන්වා ගත් නමුත් මගේ සුදු මිතුරිය සහ මම සතුරන් මෙන් ක්‍රියා කළෙමු. එක් උදෑසනක අවන් හලක උදෑසන ආහාර ගනිද්දී අපි අපගේ වෙනස් වාර්ගික අදහස් ගැන තර්ක කළෙමු. ඉන්පසුව අප වෙන්ව ගියේ නැවතත් අප මුණ නොගැසෙන බවට සපථ කරමිනි. කෙසේ වෙතත් වසරකට පසුව නැවතත් අපව එම කිතුනු සේවය මගින්ම සේවයට කැඳවා තිබුණි. එකම දෙපාර්තමේන්තුවේ සේවය…
යේසුස්වහන්සේ වෙනුවෙන් පිපෙමින්
මම ටියුලිප් මල් ගැන සත්‍යය නොකීවෙමි. මගේ බාල දියණිය ඇම්ස්ටර්ඩෑම් නගරයට ගොස් නැවතත් එක්සත් ජනපදයේ නිවසට පැමිණෙන විට ත්‍යාගයක් ලෙසට ටියුලිප් මල් කඳන් කිහිපයක් ගෙන ආවාය. ඒ නිසා මම ඇය හා නැවත එක්වීම තරම්ම වූ උද්යෝගයකින් මල් කඳන්ද පිළිගන්නා බවට මවා පෑමක් කළෙමි. නමුත් ටියුලිප් මල් මම අඩු වශයෙන්ම කැමති මල් වර්ගයකි. මෙම මල් කලින් පිපී වේගයෙන් මැළවී යයි. මේ…
පිරිසිදු කිරීමේ ක්‍රමය
සෝදන බේසමක් අසළ කුඩා දරුවන් දෙදෙනෙක් අත් සෝදමින් “සුභ උපන් දිනයක් වේවා” යන ගීතය ඉතා ප්‍රීතියෙන් දෙවරක් බැගින් ගායනා කළහ. ඔවුන්ගේ මව ඔවුන්ට කියා දී ඇත්තේ “විෂබීජ සෝදා හැරීමට එපමණ කාලයක් අත් සේදිය යුතුය” කියාය. එසේ හෙයින් කෝවිඩ් 19 වසංගතයට පෙර පවා ඔවුන්ගේ අත් වලින් අපිරිසිදුකම ඉවත් කිරීමට කාලය ගැනීමට ඔවුහු ඉගෙන ගෙන තිබුණි.
අප වසංගතයෙන් ඉගෙන ගත් පරිදි සියල්ලක්ම…
උන්වහන්සේ ඔබ වෙනුවෙන් සටන් කරන සේක
තුවාල ලැබූ අශ්වයාට ඩ්‍රමර් බෝයි ලෙස නම් කරන ලදී. මෙම අශ්වයා, සුප්‍රසිද්ධ සැහැල්ලු බළකායේ සතුරාට විරුද්ධව කළ මෙහෙයුමේ බි්රතාන්ය සොල්දාදුවන්ව ඉදිරියට ගෙන ගිය අශ්වයන් 112 ස් දෙනාගෙන් එකෙක් විය. සත්වයා එතරම් ධෛර්්‍යයක් හා ශක්තියක් පෙන්නුම් කළ අතර ඌව පවරන ලද අණ දෙන නිලධාරී ලුතිනන් කර්නල් ද සාලිස් තීරණය කළේ ඔහුගේ නිර්භීත සොල්දාදුවන් මෙන් මෙම අශ්වයාත් පදක්කමක් ලබා ගැනීමට සුදුසු බවයි.…
උන්වහන්සේ ඔබව නමින් දන්නා සේක
අපගේ දීර්ඝ කාලීන දේවස්ථානය සමග තිබූ සම්බන්ධය කැඩීමෙන් පසුව මාගේ සැමියා සහ මම වසර තුනකට පසු නැවත එම දේවස්ථානය සමග එක්සත් වූයෙමු. නමුත් වසර තුනකට පසුව ජනතාව අපට කෙසේ සළකාවිද? ඔවුන් අපව නැවත පිළිගනීවිද? ප්‍රේම කරයිද? වෙන්ව යාම ගැන අපට සමාව දෙයිද? ප්‍රසන්න ඉරුදින උදෑසනක අපට අපගේ පිළිතුර ලැබුණි. අපි දේවස්ථානයේ විශාල දොරවල් තුළින් ගමන් කරද්දී අපට දිගටම අපගේ නම්…
නිර්භීිත ප්‍රේමය
දේවගැති තුමන්ලා හතර දෙනා “වීරයන්” ලෙස හැඳින්වූයේ නැත. නමුත් 1943 පෙබරවාරි මාසයේ ඉතා සීතල රාත්‍රියකදී ඔවුන්ගේ ප්‍රවාහන නෞකාව වන ‘එස්එස් ඩෝර්වෙස්ටර්’ දෙවන ලෝක සංග්‍රාමයේදී ග්‍රීන්ලන්ත වෙරළට ඔබ්බෙන් ටෝර්පිඩෝ මිසයිල ප්‍රහාරයකට ලක් වූයේය. මෙම දේවගැතිවරුන් සිව්දෙනා භීතියට පත්ව සිටි සිය ගණනක් සොල්දාදුවන් සන්සුන් කිරීමට තමන්ගේ මුළු ශක්තිය යෙදවූහ. නැව ගිලී යාමෙන් සහ තුවාල ලැබූ ජනතාව සෙනග පිරී තිබූ ජීවිතාරක්ෂක බෝට්ටුවලට පැනීමෙන්…