අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

රැන්ඩි කිල්ගෝර් විසින් රචිත ලිපි

රහසක් නොවන රහස

හවුුල් සේවකයෙකු මට එළිදරව් කළේ ඔහු "යේසුස්වහන්සේගේ කාරණා" වලට නොගැලපෙන බවයි. ඔහු තම "පහසු ආත්මරාගික" ජීවිතය සහ ඔහු එයින් තෘප්තියක් නොලැබූ බව විස්තර කරන විට මම අසාගෙන සිටියෙමි. "නමුත් මගේ ප්‍රශ්නය මෙයයි. මම හොඳ කරන්න උත්සාහ කරනවා. නමුත් මම කරන්න ඕන දේවල් මට කරන්න බැහැ. නමුත් මම නතර කරන්න ඕනෑ දේවල් මම දිගටම කරනවා".

"ඔයාගේ රහස කුමක්ද?" ඔහු අවංකව මාගෙන්…

ස්ථිර බලාපොරොත්තුව

ආචාර්ය විලියම් වොලාස් චීනයේ වුෂුහී 1940 ස් ගණන් වල මිෂනාරි වෛද්‍යවරයෙකු ලෙස සේවය කළේය. 1940 ස් ගණන්වල ජපානය චීනයට පහර දුන්නේය. මේ කාලයේදී ස්ටවුට් ස්මාරක ආරෝග්‍යශාලාව භාරව සිටි වොලාස් විශාල බෝට්ටුවල වෛද්‍ය උපකරණ පටවා ගෙන ගංගාවල එහා මෙහා යමින් සේවය කිරීමට තම කාර්ය මණ්ඩලයට අණ කළේය.

භයානක කාලවලදී පිලිප්පි 1:21 වොලාස් කැමතිම පදයක් විය. ඔහුට එය මතක් කළේ ඔහු ජීවත්වන්නේ…

නිවසට යන පාර සොයා ගැනීම

සමහර විට ජීවිතය හරහා යන ගමන ඉතා අසීරු විය හැකිය. එය දරා ගැනීමට නොහැකි වනු ඇත. අන්ධකාරයට අවසානයක් නැතැයි අපට සිතෙනු ඇත. අපගේ පවුලේ එවැනි අවස්ථාවක උදෑසන තම නිශ්චල කාලයෙන් පසුව මාගේ භාර්යාව අලුත් පාඩමක් ඉගෙන ගෙන තිබුණි. "මම හිතන්නේ අප මේ අන්ධකාරයේ ඉගෙන ගන්න දේවල් ආලෝකයේදී අමතක කරනවාට දෙවියන්වහන්සේ කැමති නැහැ!".

පාවුල් මෙම අදහසම කොරින්තිවරුන්ට ලබා දෙයි (2 කොරින්ති…

පරාර්ථකාමී සේවය

බිම වැටී ඇති විශාල ගස අසල ස්වල්ප දෙනෙකු වටවී සිටීයෝය. ඒ විශාල ගස අසළ ඔවුන් ඉතා කුඩාවට පෙණුනි. වයසක ස්ත්‍රියක් සැරයටියට බරදී පෙරදින රාත‍්‍රියේ කුණාටුව නිසා මේ "මහිමවත් එල්ම් ගස" වැටුණු සැටි විස්තර කළාය. ඇය හැඟීම්බරව සිටියාය. "ඒකට අපේ තාප්පයත් කැඩුණා. අපි විවාහ වූ කාලයේ මෙම තාප්පය හැදුවේ මගේ ස්වාමිපුරුෂයායි. ඔහු ඒකට ආදරය කළා. මමත් ආදරය කළා. දැන් ඒක නැහැ.…

සෑම මොහොතක්ම වටින්නේය

මට ඇඩා හමුවන විට ඇයගේ මිතුරියන් සහ පවුලේ සියලු දෙනාට වඩා ඇය ජීවත්වී තිබුණි. එකල ඇය සිටියේ සාත්තු නිවසකය. "වයසට යන එකේ අමාරු කොටස එයයි" ඇය කීවාය. "සෑම කෙනාම යනවා. මම තනි වෙනවා". ඇයගේ උනන්දුව තබා ගන්නා ආකාරයත් ඇය කාලය ගත කරන ආකාරයත් ගැන මම ඇයගෙන් ඇසීමි. ඇය අපෝස්තුළු පාවුල් ලියූ බයිබල් ඡේදයකින් මට පිළිතුරු දුන්නාය (පිලිප්පි 1:21). "මක්නිසාද මාගේ…

අහඹු ප‍්‍රඥාව

වසර කිහිපයකට පෙර ස්ත‍්‍රියක් තම යෞවන පුත‍්‍රයා භයානක සිද්ධියක් ඇතුළත් ප‍්‍රවෘත්තියක් නරඹමින් සිටි ආකාරය ගැන මා හට කීවාය. ඇය ක්‍ෂණිකව රූපවාහිනිය වසා දැමුවාය. "ඒවා බලන්න අවශ්‍ය නැහැ" ඇය ඔහුට කීවාය. වාදයක් හට ගැණුනි. ඇය අවසානයේ ඔහුට කීවේ "යම් පමණ දේ සැබෑද යම් පමණක් දේ සාධාරණද යම් පමණක් දේ පිරිසිදුද..." (පිලිප්පි 4:8) යනාදියෙන් පමණක් ඔහු තම මනස පුරවා ගත යුතු බවය.…

කම්මල්කරුවා සහ රජ

1878දී ස්කොට් ජාතික ඇලෙක්සැන්ඩර් මැකේ උගන්ඩාවේ ධර්මදුත සේවයකට පැමිණි  විට ඔහු ගෝත‍්‍රයක් මධ්‍යයෙහි කම්මලක් ආරම්භ කළේය. එම ගෝත‍්‍රයේ රජ වූයේ මුටෙසාය. ගම්මු  දෑත්වලින් වැඩ කළ මේ අමුත්තා වටා රොක්වූහ. ඊට හේතුව කම්මල් වැඩ ගැහැණුන්ට අයත් බව ඔවුන් සිතා සිටි නිසාය. එ් කාලයේ උගන්ඩාවේ පිරිමි තම දෑත්වලින් වැඩ නොකළෝය. ඔවුන් කළේ අනිත් ගම් ආක‍්‍රමණය කර වහලුන් අල්ලා විදේශිකයන්ට විකිණීමය. එහෙත් දැන්…

ගැඹුරු පේ‍්‍රමයක් ලැබ

වසර ගණනාවකට පෙර මට බොස්ටන් නගරයෙහි කාර්යාලයක් තිබිණි. එය මුහුණලා තිබුණේ ප‍්‍රසිද්ධ ඇමරිකානු විරුවන් තැන්පත් කර තිබූ ග‍්‍රැනරි සුසාන භූමියයි. එහි ජෝන් හැන්කොක් සහ සැමුවෙල් ඇඩම්ස්ගේ සොහොන් කොත් විය. ඔවුන් නිදහස ප‍්‍රකාශ කිරීමේ පත‍්‍රිකාවට අත්සන් කළ දෙදෙනෙකි. ඊට අඩි කිහිපයකට එහායින් පෝල් රෙව්රේගේ සොහොන් කොතය.

එහෙත් සුසාන භූමියේ කව්රු කොහේ වළලා ඇත්දැයි කිසිවෙක් හරියටම දන්නේ නැත. සොහොන් ගල් බොහෝවර එහා මෙහා කර…

කෘතඥ නොවීම පහසුය

තිප් තොප් තිප් තොප් හඩින් වාහනයේ වයිපර් එහා මෙහා යයි. වැටෙන වතුර බිදු පිසදැමීමට එ්වා ක‍්‍රියාත්මක වෙයි. එහෙත් එම ශබ්දය මට කන්දොස්කිරියාවක් විය. රථය මම මිළදී ගෙන තිබුණේ මෑතකදීය. එයට මා හුරුවෙමින් සිටියෙමි. එය සැතපුම් 80,000 කට වඩා ගමන් කළ වාහනයකි. එහි දරුවන්ට ආරක්ෂාව දීමට පැති "එයාර්බෑග්" නොතිබිණි.

මෙම ස්ටේෂන් වැගන් රථයත් ගෙදරට අත්‍යවශ්‍ය සිල්ලර බඩුත් ගැනීමට මම අපට තිබූ අවසාන…

තව දුරට සිරකරුවෙකු නොවේ

මා රැකියා ස්ථානයක වැඩමුළුවක් පවත්වා අවසන් කළ පසු මැදි වියේ පුද්ගලයෙකු මා වෙත පැමිණ මෙසේ ඇසුවේය. "මා මගේ මුළු ජීවිතය පුරා කිතුනුවෙකුව සිටිනවා. එහෙත් මා ගැන මගේ බලාපොරොත්තු නිතර කැඩෙනවා. මා නොකළ යුතු බව දන්නා දේවල් මම නිතර නිතර කරන්නේත් මා කළ යුතුදේ බොහෝ වේලාවට නොකරන්නේත් ඇයි? දෙවියන්වහන්සේට මා එපා වෙන්නේ නැද්ද?" අවට සිටි දෙදෙනෙකුද මා දෙන පිළිතුර ගැන උනන්දුවක්…