අවශ්‍යව ඇත්තේ වැඩය
ෆ්‍රෙඩ්රික් බක්නර්ගේ බ්‍රෙන්ඩන් නමැති ඓතිහාසික නවකථාව අවසානයේ තියුණු දර්ශනයක් තිබේ. ගිල්ඩාස් නමැති චරිතය නැගිට සිට ඔහුගේ පාද වලින් එකක දණහිසින් පහළ කොටස නැති බව අනාවරණය කරන්නේය. ඔහු තම සැරයටිය ගැනීමට උත්සාහ කරද්දී ඔහුගේ සමතුලිත තාවය නැතිව ගියේය. බ්‍රෙන්ඩන් පැන ඔහුව අල්ලා ගත්තේය.
“මම අඳුරු ලෝකය වගේම කොර වී සිටිමි. එහෙම බලන විට අපෙන් එසේ නොවන අයෙක් කවුද?” කියා ගිල්ඩාස් කීවේය.…
දෙවියන් වහන්සේ සමාව දුන් විට
ඉශ්‍රායලයේ කෞතුකාගාරයක තිබුණු වසර 3500 ක් පැරණි දුලභ ලෝකඩ ජෝග්ගුවක් වැරදීමකින් අවුරුදු හතරක දරුවෙක් අතින් කැඩුණි. ඔහුට දයාවන්ත, පුදුම සහගත ප්‍රතිචාරයක් ලැබිණ. කෞතුකාගාර කාර්ය මණ්ඩලය ඔහුට සමාව දී නැවත ආරාධනා කළහ. රෝයී සෆීර් මෙක්ට් කෞතුකාගාරය වෙනුවෙන් කථා කරමින් පැවසුවේ එසේ කළ නිසා නැවත ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ගෝලිය උනන්දුව වැඩිවූ බවත් පිරිමි දරුවාගේ ඉතිහාසය සහ පුරාවිද්‍යාව ගැන දැක්වූ උනන්දුව උච්ච…
දෙවියන් වහන්සේ තුළ ශක්තිමත් වීම
මම කුඩා කාලයේදී මුහුදු කොල්ලකරුවන් ගැන කථා කියවීමට ආශා කළෙමි. එම වික්‍රමයන් මාගේ සිතුවිලි කෙතරම් චංචල කළේද? දැන් මම ජීවත් වන්නේ ඉතා දුෂ්ට මුහුදු මංකොල්ල කරුවෙක් වන කළු රැවුලාගේ (ඇත්ත නම එඩ්වර්ඩ් ටීච්) මූලස්ථානය තිබූ ප්‍රදේශයේය. ඔහුගේ නැව වන “ඈන් රැජිනගේ පළිගැනීම” වෙරළ අද්දරදී බිඳී ගොස් තිබුණි.
අපට පහසුවෙන් නටඹුන් සහ මහ මුහුදු ඉතිහාසය චමත්කාර ලෙස පෙන්විය හැකිය. කෙසේ වෙතත්…
යකඩින් මුවහත් වී
ව්‍යාපෘති කළමණාකරුවෙක් වන ලුයිස් නිදහස් රැකියාවක් භාර ගැනීම ගැන දුක් වූවාය. පාරිභෝගිකයා සහ සැලසුම්කරු යන දෙදෙනාම ඇගේ ඉවසීම සෝදිසි කළහ. එය මෙතරම් අසීරු මන්ද? ඇය කල්පනා කළාය. මේ අයට එය එකතු කළ නොහැක්කේ මන්ද?
සති කිහිපයකට පසු ඇය හිතෝපදේශ 27:17 කියවන විට “යකඩින් යකඩ මුවහත් වෙයි” යන හිතෝපදේශ 27 හි 17 වන පදය ඉස්මතු විය. “රළු තල සිල්ක් වැනි සුමුදු…
දෙවියන් වහන්සේ තේරුම් ගන්නා සේක
ඔහුගේ “සැඟවී ඇති දුක් ශබ්ද කෝෂය” යන පොතෙහි ජෝන් කීනිග් අලුත් වචන එකතුවක් පෙන්වා දුන්නේය. ඒ එකිනෙක වචන සොයා ගෙන ඇත්තේ අපට මෙතෙක් වචන නොතිබූ සංකීර්ණ හැඟීම් සඳහාය. ඔහුගේ පොතෙහි “ඩෙස් වූ” යන වචනයේ අර්ථය වන්නේ “මෙම මොහොතෙහි ඇති වන දැනුවත්කම මතකයක් බවට පත්වීම” යන්නයි. එසේම “ඔනිසම්” යන්න එක් ස්ථානයක එක වෙලාවක සිරවී සිටින ශරීරය නිසා ඇතිවන අසහනය යන්නයි. කීනිග්…
කුණාටුව සංසිඳවීම
මාගේ තුන් හැවිරිදි ඥාති දියණිය ඕනෑම අවස්ථාවකදී ජේසුස් වහන්සේව විශ්වාස කළ හැකිය යන්න තේරුම් ගන්න පටන් ගෙන තිබුණි. එක් රාත්‍රියක කුණාටුවක් අතරතුරදී නින්දට යාමට පෙර ඇය යාච්ඤා කළාය. දෑත් එකට එක් කර, ඇස් වසා ගෙන මෙසේ කීවාය : “ආදර ජේසුනි, ඔබ වහන්සේ අප සමඟ මෙතැන බව මම දනිමි. ඔබ වහන්සේ අපට ප්‍රේම කරන සේක. කුණාටුවට නවතින්න කියා ඔබ වහන්සේ කියන…
සැළකීමට තරම් ශ්‍රේෂ්ඨය
මේ සෙනඟට දෙවියන් වහන්සේ සළකන්නේ කොහොමද? නිවසෙන් සැතපුම් දහස් ගණනකට එහා තිබුණු නගරයක ජනාකීර්ණ දුම්රිය වේදිකාවකට ගොඩ බැස්ස විට මට සිතුණි. මම පළමු වරට විදේශ ගත වූ යෞවනයෙක්මි. මා අවට ඇති ලෝකයේ විශාලත්වය මාව විශ්මිත කළේය. සංසන්දනාත්මකව මම කුඩා යයි මට හැඟී ගියේය. එසේම මෙතරම් ජනකායකට දෙවියන් වහන්සේ ප්‍රේම කරන්නේ කෙසේදැයි මම කල්පනා කළෙමි.
දෙවියන් වහන්සේගේ සම්පූර්ණ ප්‍රේමයේ පුළුල්කම මට…
කරදර භාර දීම
මම ගුවන් තොටුපළේ අවන්හල වෙත ගියේ මාගේ ජංගම දූරකථනයේ තිබූ ටිකට් පත් අංකය සොයා ගැනීමටය. නමුත් මාගේ දූරකථනය නැතිවී තිබුණි. මාව ඇරලූ මෝටර් රථයේ මම එය දමා ඇවිත් තිබුණි. දැන් මම එම රියැදුරාව සොයා ගන්නේ කෙසේද?
ගුවන් තොටුපළේ වයි-ෆයි ජාලයට මගේ ලැප්ටොප් එක සම්බන්ධ කරන්න මම දැඟලුවෙමි. එය ප්‍රමාද වැඩී යයි මම සිතුවෙමි. ඇප් එකක් භාවිතා කරමින් මගේ ළඟ දූරකථනය…
යාච්ඤාවේ ඉරියව්වක්
නිදන්ගත රෝගයක ප්‍රතිඵල ජිමීව සියල්ලෙන් බැහැර කළේය. සෑම උදෑසනකම ඔහුට දෙවියන් වහන්සේ සමඟ උන් වහන්සේට යාච්ඤා කරමින් සහ දේව වචනය මෙනෙහි කරමින් කාලය ගත කිරීමට අවශ්‍ය වුවද පුටුවේ වාඩි වීමට වේදනාවෙන් තොර ඉරියව්වක් සොයා ගැනීමට නොහැකි විය. ඔහු පැත්තෙන් පැත්තට හැරුණේය. නමුත් සහනයක් ලබා ගත නොහැකි විය. අවසානයේ බලාපොරොත්තු රහිතවම ඔහු දණ ගැසුවේය. ඔහු එසේ කරන විට එම යාච්ඤාව වේදනාකාරී…
දෙවියන් වහන්සේගේ ක්‍රමය ප්‍රේමයයි
මා හට අමතර කාලයක් තිබූ හෙයින් එන්නාවූ මාස වලදී මට හැකි පමණින් සෙනඟට සේවය කිරීම මාගේ සැළසුම විය. නමුත් අලුත් මිතුරෙක්ට සේවය කරන විට මම ලිස්සා වැටී මගේ අත තුන් පොළකින් කැඩුණි. හදිසියේම උපකාර අවශ්‍ය වූ තැනැත්තා වූයේ මමය. ඇදහිලිවතුන් තෑගි, කාඩ්පත්, මල්, දූරකථන ඇමතුම්, විද්‍යුත් පණිවුඩ, යාච්ඤා සහ ආහාර (චොකලට් පෙට්ටියක් පවා) ගෙන ආහ. එසේම මා වෙනුවෙන් ගමන් ගියහ.…