දශක දෙකකටත් වැඩි කාලයක සිට ඇන්ඩෘ කැරොල් යුධ සටනකදී තම පවුලේ අය හෝ මිතුරන් විසින් ලියන ලද ලිපි විසිනොකරන ලෙස සෙනඟට ඇවිටිලි කරයි. කැරොල් කැලිෆෝර්නියාවේ චැප්මන් විශ්ව විද්‍යාලයේ ඇමරිකානු යුද ලිපි මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවේ. ඇය කල්පනා කරන්නේ පවුල් එකට බැඳ තැබීමට සහ අවබෝධයේ දොරක් විවෘත කිරීම පිණිස එම ලිපි නැතුවම බැරි පුරුකක් ලෙසය. “තරුණ පරම්පරාව මෙම ලිපි කියවන්නෝය, ප‍්‍රශ්න අසන්නෝය. ඉන්පසු ‘ඔබ දරාගත් දේ සහ කළ කැපකිරීම් අපට පෙනේ’ යයි කියති.”

පාවුල් අපොස්තුළුවරයා රෝමයේ සිරගතවී තම ජීවිතය ඉක්මනින් අවසන් වන බව දැනගත් විට “ඇදහිල්ලේ තම පුත‍්‍රයා” ලෙස ඔහු සැලකූ තරුණයෙකුට ලිපියක් ලිවීය. යුද පිටියේ සොල්දාදුවෙකු මෙන් පාවුල් තම හදවත ඔහුට විවෘත කළේය. “මාගේ ඉකුත්වීමේ කාලයද පැමිණ තිබේ. මම යහපත් යුද්ධයෙහි යුද්ධ කළෙමි. මම දිවීම කෙළවර කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ. එය ධර්මිෂ්ඨ විනිශ්චයකාර වූ ස්වාමීන්වහන්සේ එ් දවසේදී මට දෙනවා ඇත. මට පමණක් නොවේ. උන්වහන්සේගේ ප‍්‍රකාශ වීමට අශාව සිටින්නාවූ සියල්ලන්ටද දෙනවා ඇත” (2 තිමෝති 4:6-8).

කිතුනු ඇදහිල්ලේ වීරයන් අපට තබා ගිය බයිබලයේ ලිපි කියවා ක‍්‍රිස්තුස්වහන්සේ හට ඔවුන්ගේ පේ‍්‍රමය නිසා ඔවුන් දරාගත් දේවල් ග‍්‍රහණය කරන විට ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කිරීමටද අපට පසුව එන අය වෙනුවෙන් ශක්තිමත්ව සිටීමටද අපට දිරිය ලැබේ.