වසර කිහිපයකට පෙර තරු හතරේ ජනරාල්වරයෙකු වන පීටර් චියරෙල්ලි (එ් වන විට එක්සත් ජනපද හමුදාවේ 2වන ජනරාල්වරයා විය), වොෂින්ටන්හි නිල භෝජන සංග‍්‍රහයක සිටින අතර ජනාධිපති උපදේශකවරියක විසින් වේටර්වරයෙකු ලෙස වරදවා වටහා ගන්නා ලදී. ජනරාල්වරයා තම නිල ඇඳුමින් සැරසී ඇය අසල සිටින විට බීම එකක් ගෙනෙන්නැයි ඇය ඔහුට අණකළාය. ඇයට තම වරද වැටහිණි. ජනරාල්වරයා ඇයගේ ලැජ්ජාව කරුණාවෙන් යුක්තව අවම කළේය. ඔහු ප‍්‍රීතියෙන් ඇයගේ වීදුරුවට බීම වත් කර තම පවුලේ අය සමඟ රාත‍්‍රි භෝජනයකටද ආරාධනා කළේය.

කරුණාභරිත යන වචනය එන්නේ කරුණාව යන වචනයෙනි. කරුණාව යන වචනයේ අර්ථය කරුණාවන්තකම හෝ ආචාරශීලීත්වය යන්නවේ. එසේම එහි අරුත ජනරාල්වරයාගේ වැනි කරුණාවන්ත හෝ ආචාරශීලී කි‍්‍රයාවක් විය හැකිය. කෙසේ වෙතත් ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්හට එහි ඊට වඩා ගැඹුරු අදහසක් ලැබේ. දෙවියන්වහන්සේ තම පුත‍්‍ර යේසුස්වහන්සේ තුළින් දී ඇති පුදුම සහගත එසේම අප ලැබීමට නුසුදුසු කරුණාවක් අපට නොමිළේ දී ඇත (එපීස 2:8).

එවැනි කරුණාවක් ලැබී ඇති නිසා අප අන් අයට සලකන ක‍්‍රමයෙන් එ් බව පෙන්විය යුතුවේ. උදාහරණයක් ලෙස අප ඔවුන්ට කථා කරන ආකාරය දැක්විය හැක. “ප‍්‍රඥාවන්තයාගේ මුඛයේ වචන ප‍්‍රසන්නය” (දේශනාකාරයා 10:12). අප සිත්වල ඇති කරුණාව අපගේ වචන සහ ක‍්‍රියාවලින් ගලා එයි (කොලොස්සි 3:16-17).

අප සිත් තුළ ඇති කරුණාව අන් අයට ව්‍යාප්ත කිරීමට ඉගෙනීමේ ආත්මයෙන් පිරි යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකුගේ ජීවිතයේ අතුරු ඵලයක්වේ. ශ්‍රේෂ්ඨතම කරුණාව දෙන තැනන්වහන්සේ උන්වහන්සේය.