වදයන්ට ලක්වූ තරුණ අය ගැන කථා අසන විට මට පෙනී යන්නේ රිදවීමේ මට්ටම් දෙකක් ඇති බවය. පළමු සහ වඩාත් ප‍්‍රත්‍යක්ෂ කාරණය නම් වද දෙන්නාවූ අයගේ කෲර ස්වභාවයයි. එය එසේම ගත් කළ ඉතා දරුණුය. එහෙත් පළමුවැන්නට වඩා හානිකරන වූ ගැඹුරු රිදවීමක් ඇත. එනම් අන් සියල්ලන්ගේ නිහඬබවයි.

වදයට ලක්වන අයට ඉන් රිදෙන්නේ කිසිවෙක් උපකාරයට නොපැමිණීම ගැන ඔහු මවිත වන බැවිනි. එය බොහෝ විට වද දෙන්නන් වඩා දරුණු කරවයි. ඔවුන්ගේ කෲරත්වය තවත් කුරිරු කිරීමට එය ඔවුන් උනන්දු කරයි. ඊටත් වඩා එය වදයට ලක්වන්නාගේ ලැජ්ජාව සහ තනිකම වැඩි කරයි. එහෙයින් අනුන් වෙනුවෙන් කථා කිරීම සහ එවැනි හැසිරීම් වලට විරුද්ධව ක‍්‍රියා කිරීම අත්‍යවශ්‍යය (හිතෝපදේශ 31:8).

වදයට ලක්වීම සහ වේදනා විඳීමට අත්හරිනු ලැබීම යේසුස්වහන්සේ හොඳින් දන්නාසේක. හේතුවක් නැතිව උන්වහන්සේ අල්ලා ගැණින, පහර ලැබීය, අපහාසයට ලක්විය (ලූක් 22:63-65). මතෙව් 26- 56 පවසන්නේ “ගෝලයන් සියල්ලෝ උන්වහන්සේ අත්හැර පලා ගිය” බවය. උන්වහන්සේගේ සමීපතම මිත‍්‍රයෙකුවූ පේතෘස් පවා තුන්වරක්ම උන්වහන්සේ නොදන්නේ යැයි කීවේය. (ලූක් 22:61) අන් අයට සම්පූර්ණයෙන් අපව නොතේරුණද යේසුස්වහන්සේට අපව තේරේ.

අන් අය වේදනාවෙන් බව අප දකින විට කථා කිරීමට ධෛර්යය උන්වහන්සේගෙන් අපට ඉල්ලා සිටිය හැකිය.