බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ ඇති කැරකෙන බෝලය සහිත ඔරලෝසුව දින චාර්යාවේ ඇති ප‍්‍රතිඵල පිළිබඳව අනර්ඝ නිදසුනක් ලෙස මම දුටුවෙමි. පසෙකට හැරී ඇති වානේ ලෑල්ලක ඇති කුඩා නාල තුළින් වානේ බෝලයක් එහා මෙහා ගමන් කරයි. එය අනිත් පැත්තේ ඇති ලීවරයක් මතට වැටේ. එවිට ලෑල්ල කණපිට හැරේ. නැවත බෝලය හැරෙන්නේය. එහි ප‍්‍රතිඵලය නම් ඔරලෝසු කටු ක‍්‍රියාත්මක වීමය. සැම වසරකම වානේ බෝලය සැතපුම් 2500ක් එහාමෙහායයි. එහෙත් එයට නිශ්චිත ගමනාන්තයක් නැත.

විශාල අරමුණක් නොපෙනෙන විට අපගේ දින චර්යාවේ සිරවී සිටින බවක් අපට හැඟිය හැක. පාවුල් අපොස්තුළුවරයා ක‍්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය කාර්යක්ෂමව ව්‍යාප්ත කිරීමට ආශාවිය. “මා දුවන්නේ සැකයෙන් මෙන් නොවේය: පහර දෙන්නේ හුළඟට පහර දෙන්නාක් මෙන් නොවේය” (1 කොරින්ති 9:26 NIV). ඕනෑම දෙයක් නීරස විය හැකිය. ගමන් කිරීම, දේශනා කිරීම, ඉගැන්වීම, විශේෂයෙන්ම සිරගෙට සීමා වීමය. එහෙත් පාවුල් විශ්වාස කළේ ඕනෑම අවස්ථාවක ක‍්‍රිස්තුස්වහන්සේට සේවය කිරීමට ඔහුට හැකි බවය.

එහි අරමුණක් දැකීිමට නුපුළුවන් වන විට එකම දින චර්යාව අප‍්‍රිය විය හැකිය. පාවුල්ගේ දැක්ම සෑම සීමාවක් පසුකර ගියේය. ඊට හේතුව දිණුම් කණුව පසුකරන තුරු ඔහු ඇදහිල්ල නැමැති තරඟයේ යෙදී සිටීමය. තම ජීවිතයේ සෑම අංශයකටම යේසුස්වහන්සේ දැමීමෙන් පාවුල් නීරස දින චර්යාවේ පවා අර්ථයක් ලබා ගත්තේය. අපටත් එයම කළ හැකිය.