Archives: ජූලි 2017

උන්වහන්සේ මා සොයාගත්සේක

විස්මිත අනුග‍්‍රහය නැමති චිත‍්‍රපටයට පදනම වැටුනේ 1700 ගණන් වල අග භාගයේය. එය විලියම් විල්බර්ෆෝස් නැමති දේශපාලනඥයෙකු ගැනය. ඔහු ක‍්‍රිස්තුස්වහන්සේ තුළ තැබූ ඇදහිල්ල නිසා එංගලන්තයේ වහල් සේවය නැති කිරීම පිණිස තම මුදල් සහ ශක්තිය වැය කළේය. දිනක් ඔහුගේ මෙහෙකරුවා ඔහු යාච්ඤා කරනවා දිටීය. "මහත්මයා ඔබ දෙවියන්වහන්සේ සොයාගත්තාද?" කියා ඔහු විල්බර්ෆෝස්ගෙන් ඇසීය. විල්බර්ෆෝස් ප‍්‍රතිචාර දැක්වීය. "මම හිතන්නේ උන්වහන්සේ මාව සොයාගත්තා."

බයිබලය මනුෂ්‍ය…

සුදු බලය

ඕලන්ද චිත‍්‍ර ශිල්පිනියක වන යෝනි ලෙෆෙව්රේ "සුදු බලය" නැමති ප‍්‍රදර්ශනයක් නිර්මාණය කළාය. ඒ නෙදර්ලන්තයේ වියපත් අයගේ ශක්තිය පෙන්නුම් කිරීමටය. ඇය ප‍්‍රාදේශීය පාසැල්වල සිසුන්ට තම සීයලා සහ ආච්චිලා චිත‍්‍රයට නැගීමට කීවාය. ලෙෆෙව්රේට අවශ්‍යවූයේ වියපත් අයගේ "අවංක සහ පවිත‍්‍ර" දර්ශනයකි. දරුවන්ට එය කළ හැකි බව ඈ විශ්වාස කළාය. කුඩාවුන්ගේ චිත‍්‍ර වියපත්වූ අයගේ නැවුම් සහ උද්යෝගිමත් දැක්මක් පරාවර්තනය කළේය. ඔවුන්ගේ ආච්චිලා සීයලා ටෙනිස්…

කාගේ අවුලද?

"ඔවුන්ගේ කුණු, ඔවුන්ට මේ ටික වත් ගෙනත් දාන්න බැරිද?" වෙරළින් හිස් බෝතල් එකතුර කර අඩි 20ක් පමණ එහා තිබූ කුණු බාල්දියට දමමින් මම මගේ සැමියා සමඟ කෙඳුරුවෙමි. "වෙරළ අවුල් කරපුවහම ඔවුන්ට තමන් ගැන ආඩම්බරද? මම හිතන්නේ මේ පිටින් ආපු මිනිස්සු! ගමේ මිනිස්සු අපේ වෙරළට මෙහෙම කරන්නෙ නැහැ."

ඊළඟ දිනයේදීම අනුන් විනිශ්චය කිරීම ගැන මා වසර ගණනකට පෙර කියූ යාච්ඤාවක් මට…

පැන්සල් සටන

මා අකුරු ලිවීම ඉගෙන ගන්නා විට, මාගේ පළමු වසර ගුරුවරිය මට එක්තරා විධියකට පැන්සල අල්ලන ලෙස කීවාය. ඇය කී ලෙස මම පැන්සල ඇල්ලීමි. එහෙත් ඇය වෙනත් පැත්තක් බැලූ විට මම මුරණ්ඩු ලෙස මට ඕනෑ විධියට පැන්සල ඇල්ලීමි. එම සටනේ රහස් ජයග‍්‍රාහකයා මා යැයි මම සිතුවෙමි. දැනුත් මා පැන්සල අල්ලන්නේ මා කැමතිවූ ආකාරයටය. එහෙත් මාගේ මුරණ්ඩු පුරුද්ද කෙදිනක හෝ මාගේ අත…

සෞඛ්‍ය පරීක්ෂණය

මේ මා වාර්ෂික ශාරීරික පරීක්ෂණය සඳහා වෛද්‍යවරයා හමුවීමට යන කාලයයි. මා සෞඛ්‍යසම්පන්න යැයි මට සිතුනත් සෞඛ්‍ය ගැටළු අත් නොදකිතත් වාර්ෂික පරීක්ෂණ වැදගත් බව මම දනිමි. ඊට හේතුව දැන් සැඟවී තිබුනද පසුව විශාල සෞඛ්‍ය ගැටළු බවට පත්විය හැකි කාරණා මතුකිරීමට මාගේ වෛද්‍යවරයාට ඉඩදීමෙන් දිගුකාලීනව යහපත් සෞඛ්‍යයක් තබා ගැනීමට හැකිබව මම දනිමි.

පැහැදිලිව ගීතිකාකරුට ආත්මිකව එසේ දැනින. සැඟවී ඇති පාපය සොයාගන්න යැයි ඔහු ආයාචනා…