විස්මිත අනුග‍්‍රහය නැමති චිත‍්‍රපටයට පදනම වැටුනේ 1700 ගණන් වල අග භාගයේය. එය විලියම් විල්බර්ෆෝස් නැමති දේශපාලනඥයෙකු ගැනය. ඔහු ක‍්‍රිස්තුස්වහන්සේ තුළ තැබූ ඇදහිල්ල නිසා එංගලන්තයේ වහල් සේවය නැති කිරීම පිණිස තම මුදල් සහ ශක්තිය වැය කළේය. දිනක් ඔහුගේ මෙහෙකරුවා ඔහු යාච්ඤා කරනවා දිටීය. “මහත්මයා ඔබ දෙවියන්වහන්සේ සොයාගත්තාද?” කියා ඔහු විල්බර්ෆෝස්ගෙන් ඇසීය. විල්බර්ෆෝස් ප‍්‍රතිචාර දැක්වීය. “මම හිතන්නේ උන්වහන්සේ මාව සොයාගත්තා.”

බයිබලය මනුෂ්‍ය ජනගහනය පෙන්නුම් කරන්නේ ඉබාගාතේ යන බැටළුවන් සමූහයක් ලෙසය. “අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී එකිනෙකා තම තමගේ මාර්යට හැරී ගියෙමුව” (යෙසායා 53:6). සත්‍ය වශයෙන් මෙම මුළාවේ යා හැකි තත්ත්වය අප තුළ කෙතරම් ගැඹුරට කිඳාබැස ඇද්ද යත් පාවුල් අපොස්තුළුවරයා පවසන්නේ “ධර්මිෂ්ඨ කෙනෙක් නැත. එසේය එක්කෙනෙක්වත් නැත. තේරුම් ගන්නාවූ කිසිවෙක් නැත දෙවියන්වහන්සේ සොයන්නාවූ කෙනෙක් නැත. ඔවුන් සියල්ලෝ අහක්ව ගියෝය” (රෝම 3:10-12). යේසුස්වහන්සේ ආවේ එහෙයිනි. අප කිසිවිටෙක උන්වහන්සේ සොයන්නේ නැත. එහෙයින් උන්වහන්සේ අප සොයා ආසේක. යේසුස්වහන්සේ මේ වචන වලින් සේවය ප‍්‍රකාශ කළසේක. “මක්නිසාද මනුෂ්‍ය පුත‍්‍රයා නැතිවූ දේ සොයන්ටද ගළවාගන්ටද ආයේය” (ලූක් 19:10).

විල්බර්ෆොස් හරියට හරිය. යේසුස්වහන්සේ අප සෙවීමට ආසේක. අපටම සොයා ගැනීමට දුන්නේ නම් අප කිසිදිනක උන්වහන්සේ සොයාගන්නේ නැත. උන්වහන්සේගේ නැතිවූ මැවිල්ල ගැන මැවුම්කරුවාණන්ගේ පේ‍්‍රමයේ පැහැදිලි ප‍්‍රකාශනයක් වන්නේ උන්වහන්සේ අප පසුපස පැමිණ තමන් සතු කර ගැනීමට ආශාවීමය.