අතිවිශාල තිරයේ රූප විශාලව, තීව‍්‍රව තිබිණි. මිනිසාගේ ශරීරයේ ගැඹුරු තුවාල අපට දිස් වින. සොල්දාදුවෝ ඔහුට පහර දුන්නෝය, සෙනඟ ඔහුට සිනාසුණෝය. ඔහුගේ මුහුණ පුරා ලේ ගලන්නට විය. එම දර්ශනය එතරම් සත්‍ය බවක් පෙන්වීය. විවෘත රඟහලේ නිශ්චලතාව මධ්‍යයෙහි මටද එම වේදනාව දැණින. මම වේදනාවෙන් මිරිකී ගියෙමි. මෙය චිත‍්‍රපටයක් පමණි. යේසුස්වහන්සේ අප වෙනුවෙන් දුක්විඳීම නැවත එහි චිත‍්‍රපටයට නගා තිබිණි.

යේසුස්වහන්සේගේ වේදනාව ගැන මතක් කරමින් පේතෘස් ලීවේ “ඊට නුඹලා කැඳවනු ලැබුවහුය. මක්නිසාද ක‍්‍රිස්තුස්වහන්සේ නුඹලා නිසා වධ විඳ නුඹලා උන්වහන්සේගේ අඩිපාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක්දී ගියසේක” කියාය (1 පේතෘස් 2:21). වේදනාව විවිධ ක‍්‍රම සහ තලයන්ගෙන් පැමිණියද එය බලාපොරොත්තු විය යුතුවේ. පාවුල්ගේ අත්දැකීම් මෙන් අපගේ දුක් තීව‍්‍ර වියනොහැකිය. ක‍්‍රිස්තුස්වහන්සේ නිසා පොලුවලින් පහර ලැබ, ගල්ගැසීම් වලට සහ නැව් බිඳිම් වලට ඔහු බඳුන් විය. සොරුන් විසින් පහර දෙනු ලැබීය. ඔහු සාගින්න සහ පිපාසය අත්වින්දේය (2 කොරින්ති 11:24-27). කිතුනු දහමට අකමැති සංස්කෘතීන් තුළ ජීවත් වන අය දුක් විඳින ලෙස කුරිරු ලෙස පීඩාවන්ට අප භාජනය නොවිය හැක.

අප, අපම එපා කරගෙන, හිරිහැර ඉවසාගෙන, අපහාස දරාගෙන නැතිනම් ස්වාමීන්වහන්සේට ගරුත්වය නොදෙන දේවලට සහභාගි නොවී සිටින විට පීඩාව කුමන ක‍්‍රමයකට හෝ පැමිණෙනු ඇත. ඉවසීම ක‍්‍රියාත්මක කිරීම, පළිගැනීම මඟ හැරීම, යහපත් සම්බන්ධතා වර්ධනය පිණිස අන් අයට සමාව දීම, උන්වහන්සේගේ අඩි පාරේ යන ක‍්‍රමවේ.

අපට පීඩාව මුණගැසුණු විට යේසුස්වහන්සේ අප වෙනුවෙන් දරාගත් දේවල් අපට මතක් වේවා!