වත්මන් සිද්ධීන් සම්බන්ධව දැනුවත් වීමේ අවාසි පැත්තක්ද ඇත. හොඳ ප‍්‍රවෘත්ති වලට වඩා නරක ප‍්‍රවෘත්ති ඉක්මනින් විකිණේ. අපට පාලනය කිරීමට නොහැකි, සමහර පුද්ගලයන්ගේ, සෙනඟගේ හෝ ආණ්ඩු වල අපරාධ ගැන උවමනාවට වඩා සැලකිලිමත්වීමේ පරීක්ෂාවක් අපට ඇත.

ගීතාවලිය 37 දෛනික ප‍්‍රවෘත්ති ගැන දැක්මක් දෙන්නේය. දාවිත් ආරම්භ කරන්නේ “නපුර කරන්නන් නිසා කලනොකිරෙව” කියාය (1 පදය). අධික කණස්සල්ල වෙනුවට කළහැකි දේවල් වල සැකිල්ල ඔහු ඉන්පසු අපට කියාදෙන්නේය. එහි හරය නම්, අපට ලෝකයේ සෘණාත්මක ප‍්‍රවෘත්ති ගැන සිතිය හැකි වඩා හොඳ ක‍්‍රමයකි.

අපට පාලනය කළ නොහැකි මේ ලෝකයේ කාරණා ගැන කණස්සලු වනවා වෙනුවට ස්වාමීන්වහන්සේ විශ්වාස කිරීම අප තෝරා ගන්නේ නම් කෙසේවේද? (3 පදය). “ස්වාමීන් කෙරෙහි ප‍්‍රීතිමත්” වීම සීමාවට වඩා කණස්සලු වීමට වඩා හොඳ නැද්ද? (4 පදය). අපගේ මාර්ගය ස්වාමීන්ට භාරදිය හැකිනම් (5 පදය) කණස්සල්ලෙන් අපට ලැබෙන නිදහස ගැන ටිකක් සිතන්න. අපට “ස්වාමීන් කෙරෙහි රඳා, ඉවසිල්ලෙන් උන්වහන්සේ බලා…” සිටීමට හැකි නම් අපට ලැබෙන සමාදානය කෙතරම්වේද? (7 පදය).

අපට වෙනස් කළ නොහැකි කරදර ගැන ප‍්‍රවෘත්ති, අපගේ කණස්සල්ලට සීමා දැමීමට අපට අවස්ථා ලබා දෙන්නේය. අප දෙවියන්වහන්සේ විශ්වාස කර උන්වහන්සේට අපගේ මාර්ග භාරදී උන්වහන්සේ තුළ නිසලව සිටින විට අපගේ වට පිටාව ආලෝකමත්වේ. අරගල සහ සෝදිසි නැතිවී නොයයි. එහෙත් එ්වා මධ්‍යයෙහි උන්වහන්සේ අපට සාමය දෙන බව අපට තේරුම්යයි.