ඔබ ප‍්‍රශ්නයක් විසඳීමට උත්සාහ කරන විට තවත් ගැටළුවක් මතුවෙන කාලයක් තුළ ඔබ ගමන් කරමින් සිටීද? එය විසඳුන බැවින් රාත‍්‍රියේදී ඔබ ස්වාමීන්වහන්සේට ස්තූති කරයි. එහෙත් උදෑසන නැගිටින විට තව ගැටළුවක් මතුවී ඇති අතර ප‍්‍රශ්නය එසේම තිබේ.

එවැනි අත්දැකීමක් තුළින් ගමන් කරන අතර මම ලූක්ගේ ශුභාරංචිය කියවමින් 18වන පරිච්ඡේදයේ පළමු වචන කිහිපයෙන් විස්මිත වීමි. “තවද ඔවුන් විසින් නොමැළිව නිතර යාච්ඤාකරන්ට ඕනෑ බව දක්වන පිණිස උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියනසේක්” (1 පදය). ඉල්ලීම අත්නෑරිය වැන්දඹුවගේ කතාව මම කිහිප වරක් කියවා තිබුණි. එහෙත් යේසුස්වහන්සේ එය කීමට හේතුව මට නොතේරිණ (2-8 පද). දැන් මම පළමු වචන කිහිපය කතාව සමඟ සම්බන්ධ කළෙමි. එවිට ගෝලයන්ට දුන් පණිවුඩය ඉතා පැහැදිලි විය. “නිතර යාච්ඤාකරන්න! අත්නාරින්න!”

යාච්ඤාව යනු අපට ඕනෑ දෙය කිරීමට දෙවියන්වහන්සේට බල කරන ක‍්‍රමයක් නොවේ. එය අපගේ ජීවිත සඳහාවූ උන්වහන්සේගේ සැලැස්ම සහ බලය අවබෝධ කරගැනීමේ ක‍්‍රියාවලියකි. යාච්ඤාවේදී අපි අපගේ ජීවිත සහ අවස්ථා ස්වාමීන්වහන්සේට භාර කරමින් උන්වහන්සේගේ කාලයේදී උන්වහන්සේගේ ක‍්‍රමයට ක‍්‍රියාත්මක වීම සඳහා උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නෙමු.

අපගේ ඉල්ලීමේ පිළිතුර ගැන පමණක් නොව පිළිතුරු දෙන ක‍්‍රියාවලිය ගැනද අපි දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහය මත විශ්වාසය තබන විට උන්වහන්සේගේ ප‍්‍රඥාව සහ උන්වහන්සේ අප ගැන සලකන බවට විශ්වාසය තබමින් යාච්ඤාවෙන් නැවත නැවත ස්වාමීන්වහන්සේ වෙත පැමිණීමට අපට පුළුවන.

අප ස්වාමීන්වහන්සේගේ දිරිමත් කිරීම ඉතා පැහැදිලිය. නිතර යාච්ඤාකරන්න! අත්නාරින්න!