මම පොතක් ඉතා උනන්දුවෙන් කියවමින් සිටියෙමි. මා කුමක් කියවනවාදැයි මිතුරියක් ඉතා ඕනෑකමින් බැලූවාය.”අඳුරු මාතෘකාවක්”යැයි ඇය කීවාය. මා කියවමින් සිටියේ “වීදුරු මිනීපෙට්ටිය” නැමති සුරංගනා කතාවය. මිනීපෙට්ටිය යන වචනයෙන් ඇය කලබල වූවාය. අපගෙන් බොහෝ අය මරණය ගැන අසන්න අකමැතිය. එහෙත් යථාර්ථය නම් මිනිසුන් දහසකින් දහසම මිය යෑමය.

සැම විට මරණය ගැඹුරු ප‍්‍රතිචාරයක් ඉස්මතු කරයි. යේසුස්වහන්සේ දැඩි හැඟීම් මතුකළේ උන්වහන්සේගේ ප‍්‍රිය මිතුරෙකුගේ අවමංගල්‍ය අවස්ථාවේය. ඇයගේ සහෝදරයා මෑතකදී නැතිවූ මරියා දුටුවිට උන්වහන්සේ” ආත්මයෙන් සුසුම්ලා කැලඹී”ඇත (යොහන් 11:33). තවත් පරිවර්තනයක සඳහන් වන්නේ යේසුස්වහන්සේ කැළඹී, කෝප විය. එ්ත් කුමක් ගැනද? උන්වහන්සේ පාපය සහ එහි ප‍්‍රතිඵල ගැන කෝපවූසේක. දෙවියන්වහන්සේ රෝගයෙන්, වේදනාවෙන් සහ මරණයෙන් පිරි ලෝකයක් නොසෑදූසේක. එහෙත් පාපය ලෝකයට අවතීර්ණ වී දෙවියන්වහන්සේගේ අනගි සැලසුම විකෘති කළේය.

ස්වාමින්වහන්සේ අපගේ ශෝකයේදී අප සමඟ එක්වනසේක. අපගේ දුකේදී අප සමඟ හඬනසේක (35 පදය). එ් සියල්ලට වඩා ක‍්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් මැරී නැවත නැගිට පාපය සහ මරණය පරාජය කළසේක (1 කොරින්ති 15:56-57).

“මා කෙරෙහි අදහන්නා මළ නමුත් ජීවත් වන්නේය”යි යේසුස්වහන්සේ පොරොන්දු වූසේක (යොහන් 11:25). කඳුළු, වේදනා, රෝග සහ මරණය නැති සදාකාලයක අපගේ ගැළවුම්කරුවාණන් සමඟ සතුටින් සහභාගිකමින් ගත කිරීමට අපි බලාපොරොත්තු වෙමු