බි‍්‍රතාන්‍ය නිවෙස් හිමියන් බාල ගොඩනැගිලිකරුවන්ට යොදා ඇති නාමය ගොපළු ගොඩනගන්නන්ය. එය යොදා ඇත්තේ නරක අත්දැකීම් නිසා ඇතිවන බිය සහ කෝපය නිසාය. බයිබලයේ කාලයේදීද හොර වඩුවන්, හොර මේසන්වරුන්, සහ ගල් රූප නෙලන්නන් සිටින්නට ඇත. එහෙත් යෙහෝවාෂ් දේව මාලිගාව අලුත් වැඩියා කිරීමේදී වැඩකළ අය සහ අධීක්ෂණය කළ අයගේ අවංකභාවය ගැන පද කිහිපයක් ඇත (2 රාජාවලිය 12:15).

කෙසේ වෙතත් යෙහෝවාෂ් රජු “ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි හරිව තිබුණදේ කළේය” (2 පදය). එ් යෙහෝයාදා පූජකයා ඔහුට දැනමුතුකම්දුන් කාලය තුළ පමණි. අප 2 ලේකම් 24:17-27හි දකින ලෙස යෙහෝයාදා මියගිය පසු යෙහෝවාෂ් ස්වාමීන්වහන්සේගෙන් හැරී අන් දෙවිවරු නමස්කාරයට ගියේය.

භක්තිවන්ත පූජකයෙකුගේ ආත්මික ඔවදන් යටතෙහි පමණක් සමෘද්ධිමත් කාලයක් අත් දුටු රජ කෙනෙකුගේ මිශ‍්‍ර ජීවිතය මට නැවතී කල්පනා කිරීමට අනුබල දෙයි. අපගේ අවසන් ජීවිතය කෙසේවේද? අපගේ ජීවිත කාලය පුරා අපගේ ඇදහිල්ල වැඩිවී වර්ධනයවේද? අප හොඳ ඵල නිපදවනු ඇත්ද? නැතිනම් ලෝකයේ දේවලට ආර්ෂණයවී නූතන රූප වන පහසුව, වස්තුව සහ තමාව උසස් කරගැනීම පසුපස යනු ඇද්ද?