සෑම මැයි දිනකම වසන්ත සෘතුව සැමරීමට පාන්දර යාමයෙහි එංගලන්තයෙහි සමහරු රැස්වෙති. මැග්ඩලෙන් විද්‍යාලීය සංගීත කණ්ඩායම මැග්ඩලෙන් කුළුණ මුදුනේ සිට ගායනා කරති. අඳුරු රාත‍්‍රිය ගීතිකා සහ සීනු හඬින් බිඳී යන තුරු දහස් ගණනක් බලාපොරොත්තුවෙන් බලා ඉඳිති.

එලෙස ප‍්‍රීතිවන්නන් ලෙස මමද යාච්ඤාවට පිළිතුරු සහ මග පෙන්වීම ලැබෙන තුරු සිටින්නෙමි. මාගේ බලා සිටීම අවසන් වන්නේ කවදා දැයි මම නොදනිමි. මම බලොපොරොත්තුවෙන් සිටීමට ඉගෙන ගන්නෙමි. ගීතිකාකරු ගීතාවලිය 130 හි ලියන්නේ තමා අඳුරුම රාත‍්‍රියක් වැනි විශාල ගැටළුවකට මුහුණ දී සිටින බවය. ඔහුගේ කරදර මධ්‍යයෙහි ඔහු දෙවියන්වහන්සේ විශ්වාස කිරීමට තෝරා ගන්නේය. එසේ පාන්දර, දැනුම් දිය යුතු මුරකරුවෙකු මෙන් අවදිව බලා ඉන්නේය. “අලුයම බලා සිටින මුර කාරයන්ට වඩා මාගේ ආත්මය ස්වාමින් කෙරෙහි බලා සිටියි” (6 පදය).

දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම අඳුර තුළින් ගලා එන තුරු බලා සිටීම තම පීඩාව තුළදී බලාපොරොත්තුව තබා ගැනීමට ගීතිකාකරුට උපකාර වේ. ප‍්‍රථම අලෝක කදම්බයක් නොදුටුවද දේව ලියවිලි මත පදනම් වූ පොරොන්දු මත බලාපොරොත්තු වීම ඔහුට ඉවසීමෙන් සිටීමට හැකියාව දෙයි.

අඳුරු රාත‍්‍රියක ඔබ දැන් සිටින්නේ නම් දිරිමත් වන්න. පාන්දර එන්නේය – මේ ජීවිතයේදී හෝ ස්වර්ගයෙහිදී. ඒ අතර තුර බලාපොරොත්තුව අත් නාරින්න. ස්වාමින්වහන්සේ දෙන ගැළවීම බලා සිටින්න. උන්වහන්සේ විශ්වාසවන්ත වනු ඇත.