දැරිය නොහකි වේදනාව සමග මාගේ අරගලය සමග යමින් දෙවියන්වහන්සේ අල්ලා ගෙන සිටින මට කුඩා ගැටළුවක් හෝ පෙනෙන්නේ දරුණු සතුරු ප‍්‍රහාරයක් ලෙසිනි. ප‍්‍රශ්න අංක එක ඉදිරියෙන් පහර දෙන විට අංක 2 පිටුපසින් පහර දෙන්නේය. තුන්වන ගැටළුව මාගේ නාසය හරහා පහරක් දෙන්නේය. මෙවැනි අවස්ථාවලදී මාගේ ශක්තිය අවසන්වී ක්‍ෂණික සහනය මා මඟ හරින විට දුවගොස් සැඟවීම හොඳ අදහසක් මෙන් පෙනී යන්නේය. නමුත් මාගේ වේදනාව මග හැරීමට නොහැකි නිසාත් මාගේ අවස්ථාවන් වෙනස් කිරීමට නොහැකි නිසා සහ මාගේ හැඟීම් ගණන් නොගෙන සිටීමට නුපුළුවන් නිසාත් මා ඉදිරියට ගෙන යාම පිණිස දෙවියන්වහන්සේ කෙරෙහි යැපීමට මම සෙමින් පුරුදු වන්නෙමි.

මට දිරිය සහ සහනය අවශ්‍ය වන විට ගීතිකා කරුවන්ගේ ගීතාවලිය යාච්ඤාවෙන් කියවන්නෙමි. ඔවුන් අවංකව තම තත්ත්වය දෙවියන්වහන්සේ ඉදිරියට ගෙන එති. මා කැමතිම ගීතිකාව දාවිත් අබ්සලොම් නම් ඔහුගේ පුත‍්‍රයා ඔහු මරා ඔහුගේ රාජ්‍යය පැහැර ගැනීමට තැත් කරද්දී ලිවූ ගීතයයි. දාවිත් තම වේදනාකාරී තත්ත්වය ගැන විලාප කීවද (3:1-2) ඔහු දෙවියන්වහන්සේගේ ආරක්‍ෂාව විශ්වාස කරයි. තම යාච්ඤාවට උත්තර බලාපොරොත්තු වේ (3-4 පද). වෙන්නට යන දෙය ගැන බිය වෙමින් සිතමින් රජු නොනිදා සිටියේ නැත. මන්ද තමා ආරක්‍ෂා කිරීම සහ ගැළවීම පිණිස ඔහු දෙවියන්වහන්සේ විශ්වාස කළ හෙයිනි (5-8 පද).

ශාරීරික සහ භාවමය වේදනාව දරුණු සතුරන් මෙන් පෙනිය හැකිය. අත් හැරීමට පරීක්‍ෂාව පැමිණිය හැකිය. මග හැරීමට කල්පනා විය හැකිය. අප වෙහෙස වී අපගේ වත්මන් අරගලයේ අවසානය නොපෙනන විට දාවිත් මෙන් අප අල්ලා ගෙන සිටින උන්වහන්සේගේ අඛණ්ඩ පේ‍්‍රමණීය අභිමුඛයේ නිවාඩු ගැනීමට අපට උපකාර වන දෙවියන්වහන්සේ මත යැපීමට ඉගෙන ගත හැකිය.