මගේ පළමු රැකියාව ක්‍ෂණික ආහාර සපයන ආපන ශාලාවකය. එක් සන්ධ්‍යාවක පිරිමි ළමයෙක් මා වටා කැරකෙමින් මා නිවසට යන්නේ කීයටදැයි අසමින් සිටියේය. එය මාව අපහසුතාවයකට පත් කළේය. රාත‍්‍රිය වන විට කළමණාකරු ඔහුව එළියට දමනු ඇතැයි බියෙන් කෑම සහ බීම ඔහු ඇනවුම් කළේය. මා ජීවත් වූයේ එතරම් දුරක නොවේ. නමුත් අඳුරු ස්ථාන කිහිපයක්ද වැලි සහිත පාළු පෙදෙසක්ද පසු කිරීමට තිබුණි. මධ්‍යම රාත‍්‍රිය ළංවී තිබුණි. අවසානයේදී මම කාර්යාලයට ගියේ දුරකථන ඇමතුමක් ලබා ගැනීමටය.

පිළිතුරු ලැබුණේ මාගේ පියාගෙනි. ඔහු දෙවරක් නොසිතා උණුසුම් ඇඳෙන් බැස විනාඩි පහක් ඇතුළතදී මා ගෙන යාමට පැමිණියේය.

එම රාත‍්‍රියෙහි මගේ පියා මා ගෙන යාමට එනු ඇතැයි යන හැඟීම මට මතක් කරන්නේ ගීතාවලිය 91 හි අප දකින ස්ථිරතාවයයි. ස්වර්ගයේ සිටින අපගේ පියාණෝ අප ආරක්‍ෂා කරන පිණිස සහ අප වියවුල් වී බියෙන් සිටින සැම විටද අප සමඟ සිටින සේක. “ඔහු මට යාච්ඤා කරන්නේය. මම ඔහුට උත්තර දෙන්නෙමි” (ගීතාවලිය 91:15). උන්වහන්සේ රැකවරණය පිණිස අපට දිව ගිය හැකි ස්ථානයක් පමණක් නොවේ. උන්වහන්සේ අපගේ සෙවණය (1 පදය). ආරක්‍ෂාව පතා අපට සැඟවී සිටිය හැකි පර්වතයය (2 පදය).

බිය, භයංකාරත්වය සහ අවිනිශ්චිතභාවය ඇති කාල වලදී අප උන්වහන්සේට මොර ගසන විට අපට දෙවියන්වහන්සේගේ පොරොන්දුව විශ්වාස කළ හැකිය. කරදර කාල වලදී උන්වහන්සේ අපට ඇහුම්කන් දී අප සමඟ සිටින සේක (14-15 පද). දෙවියන්වහන්සේ අපගේ රක්‍ෂස්ථානයයි.