මාගේ දෙමව්පියෝ සියලු සංගීතයන්ට ආශා කිරීමට මට ඉගැන්වීය. ඒ දේශීය සිට සම්භාව්‍ය දක්වාය. ඒ හෙයින් මා ජාතික සංගීත වෘන්දයකට සවන්දීමට මොස්කව්හි රඟමඬලට ගිය විට මාගේ හෘද ස්පන්දනය වැඩි විය. සංගීත කාණ්ඩයක් වාදනය කිරීමට මෙහෙය වීය. තේමාවන් බලවත් සංගීත නාද වෘන්දයක් දක්වා ඉහළට ගියේය. එය පැහැදිළි නාට්‍යානුසාර සංගීත උච්චත්වයකි. එය විශ්මිත මොහොතක් විය. ප්‍රේක්‍ෂකයෝ අත්පොළසන් දී නැගී සිටියෝය.

දේව වචනයද ඉතිහාසයේ බලවත්ම උච්චතම සංගීත වෘන්දයකට ළඟාවන්නේය. ඒ කුරුසිය සහ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීමයි. ඒදන් උයනේ ආදම් සහ ඒවගේ වැටීමෙන් පසු මිදුම්කරුවෙකු එන බවට දෙවියන්වහන්සේ පොරොන්දු වූ සේක (උත්පත්ති 3:15). පරණ ගිවිසුම පුරා එම තේමාව ඉදිරියට ගියේය. පාස්කු බැටළුවා (නික්මයාම 12:21), අනාගතවක්තෘවරුන්ගේ බලාපොරොත්තු (1 පේත්‍රැස් 1:10) සහ දෙවියන්වහන්සේගේ සෙනඟගේ ආශාවන් තුළින් එම පොරොන්දුව දෝංකාර දුන්නේය.

1 යොහන් 4:14 හි එම කථාන්දරය ගිය දිසාව ස්ථිර කරයි. “පියාණන්වහන්සේ විසින් පුත්‍රයාණන් ලෝකයාගේ ගැළවුම්කාරයා කොට එවූ බව අපි දුටිමුව, ඊට සාක්ෂිදෙමුව”. කෙසේද? යේසුස් වහන්සේ මිය ගොස් නැවත නැගිටීමෙන් අපව නැවත මැවුම්කරුවාණන් වෙත ඔසවන පිණිස අපට සමාව දීමටද අපගේ බිඳුණු ලෝකය ගැළවීමටද දෙවියන්වහන්සේ දුන් පොරොන්දුව ඉෂ්ට කිරීමෙනි. උන්වහන්සේ දිනක මැවිල්ලද නැවත යථා තත්ත්වයට පත් කරනු ඇත.

දෙවියන්වහන්සේගේ පුත්‍රයා අපට කළ දේ සහ අපට සහ ලොවට දුන් ගැළවීම අප සිහිකරන විට අප දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ සංගීත වෘන්දය සමරමු – ඒ යේසුස්වහන්සේය.