කොඳු ඇටයට වූ හානියක් මාර්ටිව අංශභාග රෝගියෙකු කළේය. නමුත් නැවත විශ්ව විද්‍යාලයට ගොස් එම්.බී.ඒ. ඩිප්ලෝමාව හදෑරීමට ඔහු තීරණය කළේය. මාර්ටිගේ මව වන ජූඩි එම ඉලක්කය සපුරා ගැනීමට ඔහුට උදව් කිරීමට තීරණය කළාය. ඇය සෑම දේශනාවකට සහ කණ්ඩායම් පංති වලට සහභාගී වී සටහන් ගැනීමට ඔහුට උපකාර කළාය. ඔහුගේ තාක්ෂණික ගැටළු විසඳුවාය. ඔහු ඩිප්ලෝමාව ලබා ගන්නා විට වේදිකාවට යාමටද ඔහුට උදව් කළාය. ඔහුට ලබා ගත නොහැකි වූ දෙයක් මාර්ටි ලබා ගත්තේ මවගේ අඛණ්ඩ උපකාරය නිසාය.

ඊට සමාන උපකාරයක් උන්වහන්සේගේ අනුගාමිකයන් හට අවශ්‍ය බව යේසුස්වහන්සේ දැන සිටි සේක. අනාගතයේදී තමන්වහන්සේ නැතිව සිටීමට ඔවුන්ට සිදුවන බව කියා ශුද්ධාත්මයාණන් තුළින් අලුත් සම්බන්ධතාවන් ඔවුන් ලබන බව උන්වහන්සේ කී සේක. මෙම ආත්මයාණන්වහන්සේ මොහොතෙන් මොහොත ඔවුන්ට උපකාර කරනු ඇත. උන්වහන්සේ ගුරුවරයෙකුද මග පෙන්වන්නෙකුද වන සේක. ඔවුන් සමග පමණක් නොව ඔවුන් තුළද උන්වහන්සේ ජීවත්වනු ඇත (යොහන් 14:17, 26). ඔබගේ සිත් කැළඹෙන්න ඉඩ නොදෙන්න. එකිනෙකාට ප්‍රේම කරන්න…. නැවත නැගිටීමද ජීවනයද මමය… කියා යේසුස්වහන්සේ කී සේක.

ඔබගේ හැකියාවන්ට සහ ශක්තියට එහා යන යමකට ඔබ මුහුණ දෙනවාද? ආත්මයාණන්ගේ අඛණ්ඩ උපකාරය කෙරෙහි ඔබට යැපිය හැකිය. උන්වහන්සේට සුදුසු මහිමය ඔබ තුළ ක්‍රියා කරන දෙවියන්වහන්සේගේ ආත්මය දෙවියන්වහන්සේට දෙනු ඇත.