අපගේ නිවසේ ඇති ඵලකයක සඳහන් වන්නේ “ආරාධනා කළත් නැතත් දෙවියන්වහන්සේ මෙහිය” කියාය. නවීන අනුවාදයක එය “පිළිගත්තත් නොපිළිගත්තත් දෙවියන්වහන්සේ මෙහිය” කියා දැක්වෙනු ඇත.

හොෂෙයා පැරණි ගිවිසුම් ලේඛකයෙකි. ඔහු ජීවත්වූයේ ක්‍රි.පූ. අටවන සියවසේ අග භාගයේය (755-715). ඔහු ඊට සමාන වචන ඉශ්‍රායෙල්වරුන්ට ලීවේය. ඔහු ඉශ්‍රායෙල්වරුන්ට ඉදිරියට යාමටද (හොෂෙයා 6:3) දෙවියන්වහන්සේව නැවත පිළිගැනීමටද දිරිමත් කළේය. ඊට හේතුව ඔවුහු දෙවියන්වහන්සේ අමතක කර තිබූ නිසාය (4:1). සෙනග දෙවියන්වහන්සේගේ අභිමුඛය අමතක කර උන්වහන්සේගෙන් ඈත්වීම ආරම්භ කළෝය (12 පදය). වැඩිකල් යාමට පෙර ඔවුන්ගේ සිත් වල දෙවියන්වහන්සේට ස්ථානයක් නොවීය (ගීතාවලිය 10:4 බලන්න).

හොෂෙයාගේ සරළ නමුත් ප්‍රබල අදහස එනම් : දෙවියන්වහන්සේ පිළිගැනීම අපට මතක් කරන්නේ උන්වහන්සේ අපගේ ජීවිත වලට සමීප බවත් අපගේ ප්‍රීතිමත් සහ දුක්බර අවස්ථාවන්වලදීත් උන්වහන්සේ අප තුළ ක්‍රියාත්මක වන බවත්ය.

දෙවියන්වහන්සේ පිළිගැනීම යනු රැකියාවේ උසස්වීමක් ලැබුණු විටෙක අප තේරුම් ගන්නේ දෙවියන්වහන්සේ අපගේ කර්තව්‍යය වෙලාවට සහ අපගේ පිරිවැයට සරිලන ලෙස අවසන් කිරීමට අවබෝධය දුන් බවයි. අපගේ නිවාස ඉල්ලුම් පත්‍රය ප්‍රතික්‍ෂේප වූ විට දෙවියන්වහන්සේ විශ්වාස කිරීම යනු එම අවස්ථාව අපගේ යහපත පිණිස ක්‍රියාත්මක කිරීම පිණිස උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වීමය.

අප කැමති විශ්ව විද්‍යාලයට යාමට නොහැකි වූයේ නම් බලාපොරොත්තු කඩවීමේදී පවා උන්වහන්සේ අප සමග සිටීම ගැන අපට සහනයක් ලැබිය හැකිය. අප රාත්‍රී භෝජනය භුක්ති විඳින විට දෙවියන්වහන්සේ පිළිගැනීම යනු අපට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ කුස්සියක් දීම ගැන දෙවියන්වහන්සේව මතක් කිරීමය.

අපි දෙවියන්වහන්සේ පිළිගන්නේ නම් අපගේ සාර්ථකත්වයන් සහ පරාජයන් තුළදීද අපගේ ජීවිතවල කුඩා දේවල් සහ විශාල දේවලදීද උන්වහන්සේගේ අභිමුඛය සිහිපත් කිරීම වන්නේය.