ඉශ්‍රායලයෙහි පිහිටා ඇති යඩ් වෂෙම් කෞතුකාගාරයට මාත් මාගේ සැමියාත් ගියෙමු. එහි ඇත්තේ යුදෙව්වන්ට වූ කෲරත්වය පෙන්වන කාරණාය. “හොලෝකෝස්ට්” නැමැති එම යුගෙයේ තම ජීවිත පරදුවට තබා යුදෙව්වන්ට උපකාර කළ අන් ජාතීන්ට අයත් සෙනගට ගරු කිරීම පිණිස සාදා ඇති ජාතීන් අතර ධර්මිෂ්ඨයෝ නැමැති උද්‍යානයට අපි ගියෙමු. එම ස්මාරක දෙස බලන අතර අපට ඕලන්දයෙන් පැමිණි කණ්ඩායමක් මුණ ගැසුණි. එක් ස්ත්‍රියක් ඇවිත් සිටියේ ඇයගේ සීයා සහ ආච්චීගේ නම් ඇති ඵලකය බැලීමටය. විමතියට පත්ව අපි ඇයගේ පවුලේ කථාව ඇසුවෙමු.

කුරිරුකමට විරුද්ධ කණ්ඩායමක සාමාජිකයන්වූ ඇයගේ සීයා සහ මිත්තණිය වන දේවගැති ගරු පීටර් සහ ඒඩ්‍රියානා මුලර් වයස අවරුදු දෙකක යුදෙව් පිරිමි දරුවෙකු 1943 සිට 1945 දක්වා පවුලට ඇතුළත් කර ගත්තේ ඔවුන්ගේ අටවන දරුවා ලෙසටය.

එම කථාව අප සිත් ගත් නිසා “ඒ දරුවා තවම ඉන්නවාද” කියා අපි ඇසුවෙමු. වයස්ගත මහතෙකු ඉදිරියට පැමිණ පැවසුවේ “ඒ දරුවා මමයි” කියාය.

යුදෙව් සෙනග වෙනුවෙන් නිර්භීතව ක්‍රියා කළ සෙනග මට මතක් කරන්නේ එස්තර් රැජිණයි. ක්‍රි.පූ 350 දී යුදෙව් අය විනාශ කිරීමට අහස්වෙරෝෂ් රජු දුන් ආඥාවට පිටුපා යා හැකි යැයි ඇය විශ්වාස කරන්න ඇති. එයට හේතුව ඇයගේ ජාතිය ඇය සඟවා ගෙන සිටි නිසාය. කෙසේ වෙතත් මරණ තර්ජන හමුවේ වුවද ක්‍රියාත්මක වීමට ඇය සිත හදා ගත්තාය. ඇයගේ ඥාතියා ඇයට ආයාචනා කළේ ඇයගේ යුදෙව් උරුමය ගැන නිශ්චලව නොසිටින ලෙසය. ඇයව තබා තිබෙන්නේ “මෙවැනි ප්‍රස්ථාවක් නිසා විය හැකිය” යැයි ඔහු කීවේය (එස්තර් 4:14).

අපට එවැනි දැඩි තීරණයක් ගැනීමට කැඳවීමක් නොලැබෙනු ඇත. නමුත් අසාධාරණයකට විරුද්ධව කථා කිරීමට හෝ නිශ්චලව සිටීමට අපට අවස්ථාවක් එළඹෙනු ඇත. ඒ කරදරයක සිටින අයෙකුට උපකාර කිරීමට හෝ වෙනත් අතක් බලා ගැනීමටය. දෙවියන්වහන්සේ අපට දිරිය දෙන සේක්වා.