සතියකට වරක් මා යන ගමන යාමට මා දුම්රිය එනතුරු බලා සිටියෙමි. දුම්රියට නැගීමට සැරසී සිටින සෙනග මෙන් මාගේ මනස ඍණාත්මක සිතුවිලිවලින් පිරී ගියේය. ණය ගැන කණස්සල්ල, මට එකිනෙකා කී නපුරු වචන, පවුලේ අයෙකුට වූ අසාධාරණයක් ගැන, අසරණ භාවය යනාදිය මාගේ සිතෙහි රැව් පිළිරැව් දුන්නේය. දුම්රිය පැමිණෙන අවස්ථාව වන විට මාගේ සිතුවිලි විකාර වී තිබුණි.

දුම්රියේදී මට නව සිතුවිල්ලක් පැමිණියේය. ඒ දෙවියන්වහන්සේට ලිපියක් ලිවීමටය. මාගේ විලාප උන්වහන්සේට කීමටය. මාගේ සටහන් පොතෙහි මාගේ පැමිණිලි ලියා අවසන් වූ පසුව මාගේ දුරකථනය ගෙන ප්‍රශංසා ගී වලට සවන් දුන්නෙමි. මා සිතන්නටත් පෙර මාගේ මනස සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබුණි.

ගීතාවලිය 94 ලියූ කර්තෘගේ සැළැස්මක් මා අනුගමණය කරන බව එවේළෙහි මට වැටහුණේ නැත. ගීතිකාකරු පළමුවෙන් තම පැමිණිලි වැගිරවීය. “පොළොවේ විනිශ්චයකාරයාණෙනි, නැගුටුණ මැනව. උඩඟුවූවන්ට ප්‍රතිඵල දුන මැනව…… නපුරුකම්කරන්නන්ට විරුද්ධව මාගේ පක්ෂයට නැගිටින්නේ කවුද? අයුතුකම්කරන්නන්ට විරුද්ධව මාගේ පක්ෂයට සිටින්නේ කවුද? ” (ගීතාවලිය 94:2, 16). වැන්දඹුවන්ට සහ පියා නැත්තන්ට වන අසාධරණය ගැන දෙවියන්වහන්සේට කීමටද ඔහු පසුබට වන්නේ නැත. ඔහුගේ විලාපය දෙවියන්වහන්සේට ඉදිරිපත් කළ පසුව ගීතිකාකරු උන්වහන්සේට ප්‍රශංසා කිරීමට පටන් ගන්නේය. “නුමුත් ස්වාමීන්වහන්සේ මාගේ බලකොටුව වූසේක; මාගේ දෙවියන්වහන්සේ මාගේ ආරක්ෂා පර්වතය වූසේක.” (22 පදය).

අපගේ විලාපය උන්වහන්සේ වෙත ගෙන යන පිණිස දෙවියන්වහන්සේ අපට ආරාධනා කරන සේක. අපගේ බිය, දුක, අසරණකම, ප්‍රශංසාවට හැරවීමට උන්වහන්සේට පුළුවන.