නෙදර්ලන්තයේ සතුරු පදිංචිය වැඩිවූ විට ඈන් ෆ‍්‍රෑන්ක් සහ ඇයගේ පවුලේ අය නිර්භීතව සූදානම් වී භයානකත්වයෙන් ගැළවීමට රහස් ස්ථානයකට ගියෝය. දෙවන ලෝක මහා යුද්ධය කාලයේ ඔවුහු වසර දෙකක් එහි සැඟවී සිටියෝය. ඒ ඔවුන් හසුවී බන්ධනාගාර ගතකිරීමට පෙරය. ඇය ප‍්‍රසිද්ධියට පත් තම සඟරාව වන
“තරුණියකගේ දින පොත” ලියමින් කීවේ “දීර්ඝ කාලයකදී තියුණුම ආයුධය වන්නේ කරුණාවන්ත මෘදු ආත්මයක්” කියාය.

සත්‍ය ජීවිතය සමග ක‍්‍රියා කරන විට මෘදුකම සංකීර්ණ කාරණාවක් විය හැකිය. යෙසායා 40 හි අපට දෙවියන් වහන්සේ ගැන චිත‍්‍රයක් ලැබේ. එහි උන්වහන්සේ මෘදු සහ බලවත් බව කියැවේ. 11 වන පදය කියන්නේ “එඬේරෙකු මෙන් උන්හන්සේගේ රැළ පෝෂණය කරන සේක. බැටළු පැටවුන්ද තමන්ගේ හස්තයෙන් රැගෙන තමන්ගේ ළයේ දරමින්..” යනුවෙනි. නමුත් ඊට පසුව ඇත්තේ “බලව, ස්වාමිවූ දෙවියන්වහන්සේ බලවන්තයෙකු මෙන් එන සේක. උන්වහන්සේගේ හස්තයද උන්වහන්සේ උදෙසා ආණ්ඩු කරන්නේය” (10 පදය) කියාය. උන්වහන්සේ බලයෙන් පූර්ණය, එහෙත් අසරණයන් ආරක්‍ෂා කරන විට මෘදුය.

යේසුස්වහන්සේ ගැන කල්පනා කර බලන්න. උන්වහන්සේ මාළිගාවේ මිළ මාරු කරන්නන් කසයක් ගෙන එළවා දැමූ සේක. නමුත් දරුවන්ට මෘදු ලෙස සැළකූ සේක. ඵරිසින් හෙළා දැකීමට දැඩි වචන භාවිතා කළ සේක (මතෙව් 23). නමුත් උන්වහන්සේගේ දයාව අවශ්‍ය ස්ත‍්‍රීයකට සමාව දුන් සේක (යොහන් 8:1-11).

දුර්වලයන් වෙනුවෙන් බලයෙන් නැගී සිටීමට සහ සාධාරණත්වය හඹායාමට අන් අයට අභියෝග කිරීමට කාලයක් පැමිණියද අපි අපගේ මෘදුකම සියල්ලන්ට දැන ගන්නට සැළැස්විය යුතුය (පිලිප්පි 4:6). අප දෙවියන් වහන්ෙසේට සේවය කරද්දී සමහර විට අපගේ විශාලතම ශක්තිය එළිදරව් වන්නේ අවශ්‍යතාවයෙන් පෙළෙන අය වෙනුවෙන් වූ මෘදුකමේ හදවතකිනි.