ඔබ මට විහිළු කරනවාද? මා එවිටත් ප‍්‍රමාද වැඩිය. මාර්ග සළකුණක් පෙන්නුම් කළේ “ප‍්‍රමාදයන් බලාපොරොත්තු වන්න” කියාය. මාර්ග තදබදය වැඩි විය. මම සිනහ සීමි. මම මාගේ කාල සටහනට අනුව කාරණා බලාපොරොත්තු වෙමි. මම මාර්ග සෑදීම බලාපොරොත්තු නොවෙමි.

ආත්මික පැත්තෙන් අපගේ ජීවිත හරවා යවන ගැටළු බලාපොරොත්තුවෙන් සිටින්නේ කිහිප දෙනෙක් පමණී. නමුත් මා ඒ ගැන සිතමි. මට සිදුවූ දේවල් විශාල ලෙසත් කුඩා ලෙසත් මාව හරවා යැවූ බොහෝ අවස්ථා මට මතක් වේ. ප‍්‍රමාදයන් සිදුවේ.

සාලමොන් “ප‍්‍රමාදයන් බලාපොරොත්තු වන්න” කියන සළකුණ කිසිදා දැක නොතිබුණි. නමුත් හිතෝපදේශ 16 හි ඔහු අපගේ සැලසුම් දෙවියන්වහන්සේගේ මග පෙන්වීම සමග සංසන්දනය කරන්නේය. ඉංග්‍රීසි බයිබලයේ මෙසේජ් පරිවර්තනයේ පළමු පදයේ මෙසේ සඳහවන් වන්නේය. “මනුෂ්‍යයෝ සංකීර්ණ සැළසුම් යොදති. නමුත් දෙවියන්වහන්සේ වෙත අවසන් තීරණය ඇත”. සාලමොන් 9 වන පදයේ එය නැවත කියන්නේ “අපි අපගේ මාර්ගය සැලසුම් කළද අපගේ පියවර හසුරුවන්නේ දෙවියන්වහන්සේ” කියාය. විය යුතු දේවල් ගැන අපට අදහස් ඇත. නමුත් සමහර විට දෙවියන්වහන්සේට අප වෙනුවෙන් වෙන මාර්ගයක් තිබෙනු ඇත.

මෙම ආත්මික සත්‍යය මට මග හැරෙන්නේ කෙසේද? මම මාගේ සැළසුම් සාදමි. සමහර විට උන්වහන්සේගේ සැළසුම් ගැන ඇසීමට මට අමතක වේ. බාධා පැමිණෙන විට මම අසහනයට පත්වෙමි.

ඒ කණස්සල්ල වෙනුවට සාලමොන් උගන්වන ලෙස පියවරෙන් පියවර දෙවියන්වහන්සේ මග පෙන්වන ලෙස ක‍්‍රියා කිරීමට අපට පුළුවන. ඒ අප යාච්ඤාවෙන් උන්වහන්සේ සොයන විටත් උන්වහන්සේගේ මග පෙන්වීම බලාපොරොත්තු වන විටත් අඛණ්ඩව මග පෙන්වීමට උන්වහන්සේට ඉඩ දෙන විටත්ය.