සිර ගෙදර වසර 38 ක් සිටීමෙන් පසුව 2018 ජනවාරි 30 වන දින මැල්කම් ඇලෙක්සැන්ඩර් නිදහස් වී සිරගෙයින් පිටතට ආවේය. ඩිඑන්ඒ සාක්‍ෂි ඔහු නිවැරදිකරු බව ඔප්පු කළේය. දැඩි අසාධාරණ නඩු විශාල ගණනකදී ඔහු තමා නිවැරදිකරු බව කියා සිටියේය. ඔහු වෙනුවෙන් පෙනී සිටි අදක්‍ෂ නිතිඥයෙකුගේ පිළිවෙලක් නැති සාක්‍ෂි සහ සැක සහිත විමර්ශන උපක‍්‍රම සියල්ල දශක හතරක් අහිංසක මිනිසෙකු සිරකර තැබීය. අවසානයේ ඔහු නිදහස් වන විට ඇලෙක්සැන්ඩර් බහුල අනුග‍්‍රහයක් පෙන්වීය. “කෝප වෙන්න බැහැ. කෝප වෙන්න කාලය මදි” ඔහු කීවේය.

ඇලෙක්සැන්ඩර්ගේ වචන ගැඹුරු අනුග‍්‍රහයක් පෙන්නුම් කරන්නේය. අසාධාරණය අපගේ ජීවිතයෙන් වසර 38 ක් සොරා ගත්තේ නම් අපගේ කීර්තිනාමය විනාශ කළේ නම් අපි කෝපවී වියුරු වැටෙනු ඇත. ඇලෙන්සැන්ඩර් ඔහු නොකරපු වරදකට වසර ගණනාවක් සිත් රිදීම් වලින් පිරි ගත කළද පළිගැනීමට තම ශක්තිය වැය නොකර ඔහු පේතෘස් පෙන්වන ගුණය විදහා දැක්වීය. “නපුරට නපුරවත් නිගාවට නිගාවවත් නොකර” (1 පේතෘස් 3:9).

බයිබලය තවත් පියවරක් ඉදිරියට යන්නේය. පළිගැනීම සොයනු වෙනුවට අපෝස්තලු පේතෘස් පවසන්නේ අප ආශිර්වාද කළ යුතු බවය (9 පදය). අපට වැරදි කළ අයට අප සමාව සහ ජීවනයේ බලාපොරොත්තුව දිගුකළ යුතු වේ. ඔවුන්ගේ නපුරු ක‍්‍රියාවලට සමාවට හේතු නොදී දෙවියන්වහන්සේගේ විශ්මිත දයාව සමග ඔවුන්ව මුණ ගැස්විය හැකිය. අපගේ වැරදි යේසුස්වහන්සේ කුරුසියේදී දරා ගත්තේ අප අනුග‍්‍රහය ලබා ගෙන අපට වැරදි කළ අයට මෙන්ම අන් අයටද එය ව්‍යාප්ත කරන පිණිසය