මාගේ භාර්යාවට කොළ කැබැල්ලක් දෙමින් කෙවින් ඔහුගේ ඇසින් කඳුළක් පිස දැමීය. මාගේ දියණිය යේසුස්වහන්සේ තුළ ඇදහිල්ලට නැවත ගෙන එන පිණිස මාත් මාගේ භාර්යාවත් යාච්ඤා කරන බව ඔහු දැන සිටියේය. “මේ කොළ කැබැල්ල මාගේ මවගේ බයිබලයේ තිබී හමුවුනේ ඇයගේ මරණින් පස්සේ. මම මේක ඔබට දෙන්නේ ඔබව දිරිමත් කරන්නයි” ඔහු කීවේය. සටහන උඩින්ම ලියා තිබුණේ “මගේ පුතා කෙවින්ට” කියාය. පහතින් ඔහුගේ ගැළවීම ගැන යාච්ඤාවක් තිබුණි.

“අද මම මගේ බයිබලයේ මේක තබා ගෙන ඉන්නවා” කෙවින් පැවසීය. “මගේ අම්මා මගේ ගැළවීම ගැන වසර තිස් පහකට වැඩිය යාච්ඤා කළා. මගේ දෙවියන්වහන්සේගෙන් මම හුඟක් ඈත සිටියේ. නමුත් දැන් මම ඇදහිලිවන්තයෙක්” ඔහු අප දෙස හොඳින් බලා කඳුළු අතරින් සිනහසුණි. “ඔබගේ දුව ගැන යාච්ඤා කරන එක නවත්වන්න එපා. කොපමණ කල් ගියත් කමක් නැහැ”.

ඔහුගේ එම දිරිමත් කිරීමේ වචන යාච්ඤාව ගැන ලූක් ශුභාරංචියේ යේසුස්වහන්සේ කී කථාවක් මට මතක් කරයි. ලූක් එය ආරම්භ කරන්නේ “තවද ඔවුන් විසින් නොමැළිව නිතර යාච්ඤා කරන්ට ඕනෑ බව දක්වන පිණිස උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියන සේක්..” (ලූක් 18:1).

එම කථාවෙහි යේසුස්වහන්සේ “අධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙකු” (6 පදය) කරදරයෙන් බේරීමට ඉල්ලීමකට උත්තර දීමත් අප ගැන ගැඹුරින් සළකන අප උන්වහන්සේ වෙතට එනවාට කැමති සම්පූර්ණ ස්වර්ගීය පියාණන් කෙනෙකුත් සංසන්දනය කරන්නේය. අප යාච්ඤා කරන කුමණ අවස්ථාවක වුවද දෙවියන්වහන්සේ අපට සවන් දෙන බවත් අපගේ යාච්ඤා පිළිගන්නා බවත් දැන සිටීමෙන් අපට දිරිමත් විය හැකිය.