තම විවාහය ගැන අසතුටුවී ඉතා භයානක පරීක්‍ෂාවක් සමග පොර බදන තුරු තම කාලත්‍රයාට (ස්වාමියාට හෝ භාර්යාවට) බොරු කරන අයට ලීසා සමාවක් නුදුන්නාය. එම වේදනාකාරී අත්දැකීම නිසා ඇය අන් අය ගැන අනුකම්පාවක් ඇති කර ගත්තාය. එසේම ක්‍රිස්තුස්වහන්සේගේ වචන ගැන අවබෝධයක් ඇය ලබාගත්තාය.
“නුඹලා අතරෙන් පව් නැත්තා ඈට පළමුකොට ගලක් ගසාවයි” (යොහන් 8:7).

එම ප්‍රකාශය කරද්දී උන්වහන්සේ සිටියේ මාළිගා මළුවේ උගන්වමින්ය. ව්‍යවස්ථාව උගන්වන්නන් සහ ඵරිසීන් කණ්ඩායමක් අනාචාරයේ හැසිරුණු ස්ත්‍රීයක් උන්වහන්සේ ඉදිරියට ඇදගෙන අවුත් උන්වහන්සේට අභියෝග කරමින් “මෙබඳු අය ගල්ගසා මරන්ට මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අණකර තිබේ. නුමුත් ඔබ මෑ ගැන කියන්නේ කුමක්දැයි?” (5 පදය) කියා යේසුස්වහන්සේගෙන් ඇසුවෝය. ඔවුන්ගේ අධිකාරීබලයට යේසුස්වහන්සේ තර්ජනයක් යැයි ඔවුන් සිතූ නිසා උන්වහන්සේට චෝදනා කිරීමට සහ උන්වහන්සේව නැති කිරීමට (6 පදය) සිතාගෙන ඔවුන් ඇසු එම ප්‍රශ්නය උගුලක් විය.

නමුත් යේසුස්වහන්සේ “නුඹලා අතරෙන් පාප නැත්තා” යයි කී විට ස්ත්‍රීයට චෝදනා කළ අයට ගලක් ඇහිඳීමට වත් සිත් නුදුන්නේය. ඔවුන් එකිනෙකා යන්න ගියහ.

අපගේ පාපය ගැන තැකීමක් නැතිව අන් අයගේ හැසිරීම විවේචනාත්මකව විනිශ්චය කිරීමට පෙර “අප සියලු දෙනා දෙවියන්වහන්සේගේ මහිමයෙන් ඈත්ව සිටින බව” (රෝම 3:23) මතක තබා ගන්න. හෙළා දැකීම වෙනුවට අපගේ ගැළවුම්කරුවාණෝ මේ ස්ත්‍රියට සහ ඔබටද මටද පෙන්වූයේ අනුග්‍රහය සහ බලාපොරොත්තුවය (යොහන් 3:16; 8:10-11). ඒ දෙයම අප අන් අයට නොකර සිටින්නේ කෙසේද?