සාගින්නේ බුබුළු මාගේ ඇට මිදුලු ස්පර්ශ කළේය. මාගේ උපදේශක නිරාහාරය නිර්දේශ කළේ දෙවියන්වහන්සේ කෙරෙහි අවධානය යොමු කිරීමක් ලෙසය. නමුත් දිනය ගෙවී යන විට මම කල්පනා කළේ “යේසුස්වහන්සේ මෙය දින හතළිහක් කළේ කෙසේද?” කියාය. සාමය, ශක්තිය සහ ඉවසිම ලැබීමට ශුද්ධාත්මයාණන් මත යැපීම මට අරගලයක් විය. විශේෂිතව ඉවසීමය.

අපට ශාරීරික වශයෙන් හැකියාව ඇත්නම් අපගේ ආත්මික ආහාරවල වැදගත්කම ගැන නිරාහාරයට අපට ඉගැන්විය හැකිය. යේසුස්වහන්සේ පැවසුවේ “මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය” (මතෙව් 4:4) යනුවෙනි. නමුත් මා අත්දැකීමෙන් ඉගෙන ගත් ලෙස නිරාහාරය පමණක් අපව දෙවියන්වහන්සේ වෙත ළං කරන්නේ නැත.

දෙවියන්වහන්සේ අනාගතවක්තෘ සෙකරියා තුළින් තම සෙනගට පැවසූවේ ඔවුන් දුගීන්ට සේවය නොකරන නිසා ඔවුන්ගේ නිරාහාරය නිෂ්ඵල බවය. “නුඹලා නිරාහාරව සිටියේ මා උදෙසාද?” (සෙකරියා 7:5) කියාය.

දෙවියන්වහන්සේගේ ප්‍රශ්නයෙන් එළිදරව්වූ මූලික කාරණය නම් ගැටළුව ඔවුන්ගේ ආමාශය නොවන බවය. ප්‍රශ්නය ඔවුන්ගේ ගල් සිත්ය. ඔවුන් තමන්ට අඛණ්ඩව සේවය කර ගනිමින් දෙවියන්වහන්සේට සමීප වීමට අපොහොසත් වූහ. ඒහෙයින් උන්වහන්සේ පැවසුවේ “සැබෑලෙස විනිශ්චයකරන්න, එකිනෙකාට කරුණාවද අනුකම්පාවද පෙන්වන්න. වැන්දඹුවට සහ පියා නැත්තාටත් විදේශියාට සහ අසරණයාටත් පීඩා නොකරන්න; ” (9-10 පද) කියාය.

ඕනෑම ආත්මික විනයකදී අපගේ ඉලක්කය විය යුත්තේ යේසුස්වහන්සේට ළංවීමය. උන්වහන්සේට සමීපත්වයෙන් අප වැඩෙන විට උන්වහන්සේ ප්‍රේමකරන අයට ප්‍රේම කරන හදවතක් අපට ඇති වේ.