කුරිරු රිය අනතුරක් මේරි ඈන් ෆ්‍රැන්කෝව විනාශ කළේය. ඇය ජීවත් වූවත් තුවාල වලින් ඇය සම්පූර්ණයෙන් අන්ධ වූවාය. “මා දුටුවේ අන්ධකාරය පමණී” යයි ෆ්‍රැන්කෝ විස්තර කළාය. වසර විසි එකකට පසු වැටීමකින් ඇයගේ කොඳු නාරටිය තුවාල විය. ඇය ශල්‍යකර්මයෙන් (ඇස් වලට කිසිසේත් සම්බන්ධ නැති) අවදි වන විට ඇයගේ ඇස් පෙනීම නැවත පැමිණියේය. දශක දෙකකට පසු ඇය තම දියණියගේ මුහුණ දුටුවාය. ස්නායු සම්බන්ධ විශේෂඥවරයා පැවසුවේ ඇයගේ ශල්‍යකර්මය සහ ඇයට නැවත පෙනීම ලැබීම අතර කිසිදු සම්බන්ධතාවයක් නැති බවය. අවසානයක් නොදුටු අන්ධකාරය අවසානයේ පෙනීම සහ අලංකාරය උත්පාදනය කළේය.

දේව වචනය සහ අපගේ අත්දැකීම් අපට පෙන්නුම් කරන්නේ අප සියලු දෙනාවම දේව ප්‍රේමයෙන් වළක්වන නොදැනුවත්කමේ සහ නපුරේ වැස්මකින් ලොව වසා ඇති බවය (යෙසායා 25:7). ආත්මාර්ථකාමිත්වය, කෑදරකම, අප කෙරෙහිම යැපීම, බලය සහ කැපී පෙනීමට ඇති ආශාව යන සියල්ල අපගේ දැක්ම බොඳ කරන්නේය.
“පූර්ණ විශ්වාසයෙන් පුදුමාකාර දේ” කළාවූ දෙවියන්වහන්සේව පැහැදිළිව දකීම අවහිර කරන්නේය.

එක් පරිවර්ථනයක් මෙම වැස්මට “කළු වළාකුළක්” යයි නම් කරන්නේය. අප තනිව ක්‍රියාත්මක වන විට අප අත්දකින්නේ අඳුර, වියවුල, අපේක්‍ෂා භංගත්වය පමණී. අප සිරවී, අතපත ගාමින්, පැකිළෙමින් අපගේ ඉදිරි මාර්ගය නොපෙනී සිටිමු. අපට ප්‍රීති විය හැකි කාරණයක් නම් යෙසායා පොරොන්දු වන්නේ දෙවියන්වහන්සේ අවසානයේ සියලු මිනිසුන් වසා ඇති දැල විනාශ කරන හෙයිනි (7 පදය).

දෙවියන්වහන්සෛ් අපව බලාපොරොත්තු රහිතව තබන්නේ නැත. උන්වහන්සේගේ දීප්තිමත් ප්‍රේමය අපව බැඳ තිබෙන සියල්ල ඉවත් කරයි. යහපත් ජීවිතයක සහ බහුල අනුග්‍රහයක අනර්ඝ දර්ශනයක් අපට දෙන සේක.