ජර්මනියේ හමුදා සේවය කරන කාලයේ මම 1969 නිෂ්පාදිත අලුත්ම වෝක්ස්වැගන් කාරයක් මිළයට ගතිමි. මෝටර් රථය ඉතා අලංකාර විය. පිටත තද කොළ පාට විය. ඇතුළත දුඹුරු වර්ණ ආසන ඊට හොඳින් ගැළපිණ. නමුත් කාලය ගෙවී යන විට විවිධ දේවල් සිදුවිය. ඒ අතර රිය අනතුරක්ද විය. ඉන් ඇතුළත ඉදිරිපස ඩෑෂ් බෝඩ් එක සහ දොරක්ද විනාශ විය. මම වැඩිදුර කල්පනා කළේ නම් මාගේ පැරණි මෝටර් රථය ප්‍රතිෂ්ඨාපනය කිරීමට සුදුසු යැයි මට සිතීමට ඉඩ තිබුණි. මුදල් වියදම් කර එය ගොඩ ගැනීමට තිබුණි. නමුත් එය එසේ නොවීය.

ස්තුතිවන්ත විය හැකි කාරණයක් නම් කැඩී බිඳී ගිය සෙනගව දෙවියන්වහන්සේ පහසුවෙන් අත්හරින්නේ නැති වීමයි. උන්වහන්සේට සම්පූර්ණ දැක්මක් සහ අසිමිත මූලාශ්‍ර ඇත්තේය. ගීතාවලිය 85 විස්තර කරන්නේ ප්‍රතිෂ්ඨාපනයට සුදුසු පුද්ගලයන් සහ ප්‍රතිෂ්ඨාපනය කළ හැකි දෙවියන්වහන්සේ ගැනය. එහි පසුබිම ඉශ්‍රායෙල් සෙනග වසර 70 කට පසු විප්‍රවාසයෙන් පැමිණීමයි (දෙවියන්වහන්සේට විරුද්ධව කැරළි ගැසීම නිසා ඔවුන්ට ලැබුණු දඬුවම විප්‍රවාසයයි). අතීතය දෙස බලද්දී උන්වහන්සේගේ සමාව ඇතුළුව උන්වහන්සේගේ පිහිට දැකීමට ඔවුන්ට හැකි විය (1-3 පද). දෙවියන්වහන්සේගේ උපකාරය ඉල්ලීමට (4-7 පද) සහ උන්වහන්සේගෙන් යහපත් දේ ලබා ගැනීමට (8-13 පද) ඔවුන්ට පෙළඹවීමක් ලැබුණි.

අප තැලී පොඩිවී කැඩී බිඳී සීරී ඇතැයි නොසිතෙන්නේ කාටද? ඒ සමහර විට අපම අපට කර ගත් දෙයක් නිසා විය හැකිය. නමුත් දෙවියන්වහන්සේ ප්‍රතිෂ්ඨාපනයේ සහ සමාවේ දෙවියන්වහන්සේය. උන්වහන්සේ වෙත එන අයට බලාපොරොත්තුවක් නැතිව නොයන්නේය. විවෘත දෑත් වලින් උන්වහන්සේ වෙත එන අයව උන්වහන්සේ පිළිගන්නා සේක. එසේ කරන අය උන්වහන්සේගේ දෑතෙහි ආරක්‍ෂාව ලබති.