ලෙයිෆ් එංගල්ස්ගේ “ගංගාවක් වැනි සමාදානය” නැමැති නවකථාවේ යෙරෙමියා ලෑන්ඩ්, අම්මා නැති දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහු අසල පාසැලක පිරිසිදු කරන්නෙකු ලෙස රැකියාව කරයි. ඔහු ගැඹුරු සමහර විට ආශ්චර්යාත්මක ඇදහිල්ලකින් ක්‍රියා කරන පුද්ගලයෙකි. ඔහුගේ ඇදහිල්ල බොහෝ විට පරීක්‍ෂාවට ලක් කෙරේ.

යෙරෙමියා වැඩ කරන පාසැල චෙස්ටර් හෝල්ඩන් විසින් කළමණාකරණය කෙරේ. ඔහු කුහක පුද්ගලයෙකි. ඔහුට චර්ම රෝගයක්ද ඇත. යෙරෙමියාගේ වැඩ කෙතරම් හොඳ වූවත් හෝල්ඩන්ට අවශ්‍ය යෙරෙමියා අස් කිරීමටය. යෙරෙමියා වැසිකිළි කාණු පද්ධතිය පවිත්‍ර කරයි. හෝල්ඩන් කෝපවී පොළේ ගසන බෝතල් කෑලි ඇහිඳියි. එක් දිනක් සියලු ශිෂ්‍යයන් ඉදිරියෙහි යෙරෙමියා බීමත්ව සිටින බවට හෝල්ඩන් චෝදනා කර ඔහුව නෙරපා දමයි. එය ලැජ්ජාවට පත් කෙරෙන සිද්ධියකි.

යෙරෙමියා ප්‍රතිචාර දැක්වුයේ කෙසේද? අසාධාරණ අස්කිරීම වෙනුවෙන් නීතිමය පියවර ගන්නා බවට තර්ජනය කරන්න හෝ ඔහුගේම චෝදනාවන් ඉදිරිපත් කිරීම හෝ කරන්න තිබුණි. අසාධාරණය පිළිගෙන එතැනින් ඉවත්ව යෑමටද ඉඩ තිබුණි. ඔබ එවැනි තත්ත්වයකදී කරන්නේ කුමක්දැයි මොහොතක් සිතන්න.

“නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට වෛරකරන්නන්ට යහපත කරන්න, නුඹලාට ශාපකරන්නන්ට ආශීර්වාදකරන්න, නුඹලාට නින්දාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න” (ලූක් 6:27-28) යැයි යේසුස්වහන්සේ කියන සේක. මෙම අභියෝගාත්මක වචන නපුර අමතක කිරීමට හෝ සාධාරණය සෙවීම හෝ නවතා දැමීමට නොවේ. ඒ වෙනුවට ඉන් පැවසෙන්නේ ගැඹුරු ප්‍රශ්නයක් අසමින් දෙවියන්වහන්සේ අනුකරණය කරන ලෙසටයි (36 පදය). ඔහු හෝ ඇය දෙවියන්වහන්සේට කැමති පුද්ගලයා වීමට මගේ සතුරාට මම උපකාර කරන්නේ කෙසේද?

යෙරෙමියා මොහෙතක් හෝල්ඩන් දෙස බලා සිටියේය. ඉදිරියට ගොස් ඔහුගේ මුහුණ ස්පර්ශ කරයි. ආරක්‍ෂාකාරීව හෝල්ඩන් අඩි කිහිපයක් පස්සට ගෙන පුදුමයෙන් ඔහුගේ නිකට සහ කම්මුල් අතගා බලයි. ඔහුගේ කැළැල් සහිත වූ සම සුවවී තිබුණි.

සතුරෙක් අනුග්‍රහයෙන් ස්පර්ශය ලබයි.