“ටිකල් මී එල්මෝ, කැබේජ් පැව් කිඞ්ස්, ද ෆර්බි. මේ සියල්ලටම පොදු වුයේ කුමක්ද? ඒ එකිනෙක වඩාත් ජනප්‍රිය නත්තල් තෑගි විස්ස අතර තිබුණි. ඊට අමතරව මොනොපොලි ක්‍රීඩාව, ද නින්ටෙන්ඩෝ ගේම් බෝයි සහ වී ද ඇතුළත් වුනි.

නත්තලට තෑගි දීමෙන් අපි සියල්ලෝම සතුටක් ලබමු. නමුත් පළමු නත්තල් ත්‍යාගය දුන් දෙවියන්වහන්සේගේ සතුටට එය සමකළ නොහැකිය. එම ත්‍යාගය පැමිණියේ බෙත්ලෙහෙමේ ගවමඩුවේ ඉපදුණ බිළිඳෙකු ලෙසින්ය (ලුක් 2:7).

උන්වහන්සේගේ උපත දුගී පැලක වුවද ළදරුවාගේ පැමිණීම දේවදුතයෙකු විසින් ප්‍රකාශයට පත් කෙරුණි. “බලව, මුළු සෙනගට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි. මක්නිසාද ස්වාමිවූ ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් නුඹලාට දාවිත්ගේ නුවර අද උපන් සේක” (10-11 පද). මෙම රමණීය ප්‍රවෘත්තියෙන් පසු
“ස්වර්ගීය සේනා සමූහයක්” බැස “දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් ඉතා උසස් තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවායි කීවෝය” (13-14 පද).

මෙම නත්තලේදී ඔබ ප්‍රිය කරන අයට ත්‍යාග දෙන්න. නමුත් දීමට හේතුව කිසි විටෙක අමතක නොකරන්න. දෙවියන්වහන්සේගේ මැවිල්ල කෙරෙහි වූ මනහර පිහිට අපගේ පාපයෙන් අප ගැළවීමට දුන්නාවූ තම පුත්‍රයා නැමැති ත්‍යාගයෙන් උව්චත්වයට පැමිණියේය. අප දෙන්නේ උන්වහන්සේ දුන් නිසාය. කෘතඥතාවයෙන් අප උන්වහන්සේව නමදිමු.