සිතියමේ මධ්‍යයේ ඇති දේවලට අනුව සිතියමක් ඇඳ ඇති ස්ථානය කිව හැකිය. අපගේ නිවස ලෝකයේ මධ්‍යයේ යයි අපි සිතමු. ඒ හෙයින් අපි එහි තිතක් තබා එතැන් සිට අනිත් දේවල් ලකුණු කරමු. අසල ඇති නගර උතුරට සැතපුම් පනහක් විය හැකිය. නැත්නම් දකුණට දින භාගයක ගමනක් විය හැකිය. නමුත් සියල්ල විස්තර වන්නේ අප සිටින ස්ථානයට සම්බන්ධ වීය. ගීතාවලියේදී පරණ ගිවිසුමේ සිතියම ඇඳ ඇත්තේ දෙවියන්වහන්සේගේ භෞමික නිවාසයේ සිටය. ඒ හෙයින් බයිබල් භූගෝලයේ මධ්‍යය යෙරුසලම වන්නේය.

ගීතාවලිය 48 යෙරුසලම පසසන එක් ගීතයිකි. “අපේ දෙවියන්වහන්සේගේ නුවර…. උසින් අලංකාරය. මුළු පොළොවට පියකරුය” (1-2 පද). “දෙවියන්වහන්සේ බලකොටුවක් පිණිස එය සදාකල් පිහිටුවන සේක” (3 සහ 8 පද). දෙවියන්වහන්සේගේ තේජස යෙරුසලමේ මාළිගාවෙන් ආරම්භ වී පොළොවේ සීමා දක්වා ව්‍යාප්ත වන සේක (9-10 පද).

ඔබ මෙය යෙරුසලමේදී නොකියවන්නේ නම් ඔබගේ මධ්‍යය බයිබල් ලෝකයේ මධ්‍යයේ නොවේ. නමුත් ඔබගේ ප්‍රදේශයන් අතීශයන් වැදගත් වන්නේය. මක්නිසාදයත් දෙවියන්වහන්සේගේ ප්‍රශංසාවන් “ලෝකයේ සීමාවන් දක්වා යන තුරු” (10 පදය) උන්වහන්සේ නිවාඩු නොගන්නා නිසාය. උන්වහන්සේ තම ඉලක්කය වෙතට යන ක්‍රමයේ කොටසක් වන්න ඔබ කැමතිද? දෙවියන්වහන්සේගේ සෙනග සමග සතියකට වරක් නමස්කාර කරන්න. සෑම දිනකම උන්වහන්සේගේ මහිමය වෙනුවෙන් ජීවත් වන්න. අපද අප තුළ ඇති සියල්ලද දෙවියන්වහන්සේට නමස්කාර පිණිස දෙන කල දෙවියන්වහන්සේගේ තේජස “ලෝකයේ සීමාවන් දක්වා” ව්‍යාප්ත වනු ඇත.