2001 දී බාර්ට් මිලාර්ඩ් සුප්‍රසිද්ධ ගීතයක් රචනා කලේය. ඒ “මට පුළුවන් සිතා ගැනීමට පමණී” යන්නය. එහි පෙන්නුම් කරන්නේ ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියෙහි සිටීම කෙතරම් විශ්මපත්ද කියාය. බිලාර්ඩ්ගේ පදමාලාව අපට සහනය දුන්නේ අපගේ දහහත් වැවිරිදි දියණිය වන මෙලිස්සා ඊළඟ වසරේදී රිය අනතුරකින් මිය ගිය විටය. දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි සිටීම ඇයට කෙසේ වන්න ඇද්දැයි අපි පරිකල්පනය කළෙමු.

මෙල්ගේ මරණින් පසු දින කිහිපය තුළ “සිතා ගැනීමට පමණි” යන්න මට වෙනස් ආකාරයකින් කථා කළේය. මෙලිස්සාගේ මිතුරියන්ගේ පියවරු මා වෙත පැමිණ මා ගැන දුකින් සහ වේදනාවෙන් කීවේ “ඔබ මෙය දරා ගන්නේ කොහොමද කියා අපට සිතා ගන්න බැහැ” යනුවෙනි.

ඔවුන්ගේ භාව ප්‍රකාශය මට උපකාරී විය. සිතා ගැනීමට අපහසු වූවත් සානුකම්පිත ලෙස ඔවුන් අපගේ වියෝව සමග ගැටෙන බව අපට පෙණුනි.

දාවිත් “මරණ සෙවණේ මිට්යාවත මැදින්” යන්න විස්තර කරමින් පැහැදිළි කළේ වියෝවක ගැඹුරයි (ගීතාවලිය 23:4). ප්‍රියයෙකුගේ මිය යාම එබඳුය. එම අඳුර තුළින් කෙසේ යන්නද කියා සමහර විට අපට කිසිම අදහසක් නැත. කෙසේ අනෙක් පැත්තට එන්නද කියා අපට සිතා ගැනීමට පවා බැරිය.

නමුත් අප සමග අඳුරුම මිටියාවතේද සිටීමට දෙවියන්වහන්සේ පොරොන්දු වන සේක. ඒ මිටියාවතෙන් එහා උන්වහන්සේගේ අභිමුඛය ඇති බව පවසමින් උන්වහන්සේ අපට මහත් බලාපොරොත්තුවක් දෙන සේක. ඇදහිලිවන්තයෙකුට ශරීරයෙන් වෙන්වීම යනු (2 කොරින්ති 5:8) උන්වහන්සේගේ අභිමුඛයෙහි සිටීම වේ. උන්වහන්සේ සමග සහ අන් අය සමග අනාගත එකතුවීම ගැන සිතන විට යා නොහැකි ගමන යාමට එය අපට උපකාර වන්නේය.