කුඩා දරුවා ප්‍රීතියෙන් ඉපිලෙමින් හමුදාවේ සේවය කරන පියා තමාගේ උපන් දිනයට නොපැමිණේ යයි විශ්වාස කරමින් ඔහු විසින් එවා තිබූ විශාල පෙට්ටියක් විවර කළේය. එම පෙට්ටිය තුළ තවත් කුඩා පෙට්ටියක් ඔතා තිබුණි. එහි තුළ තිබුණේ “පුදුමයක්” (සර්ප්‍රයිස්) යනුවෙන් ලියා තිබු කොළ කැබැල්ලක් පමණී. වියවුල් වූ දරුවා උඩ බලනවාත් සමගම ඔහුගේ පියා කාමරයට ඇතුල් විය. “තාත්තා මට ඔයා නැතුව පාළුයි” සහ ”මම ඔයාට ආදරෙයි” කියමින් කඳුළු සළමින් පුත්‍රයා තම පියාගේ දැතට පැන්නේය.

එම කඳුළු සහිත සහ ප්‍රීතිමත් එක්වීම මට මතක් කරන්නේ එළිදරව් 21 හි මනහර විස්තරයයි. දේව දරුවෝ තම පියාගේ මුහුණ, සම්පූර්ණයෙන් අලුත් කරන ලද ප්‍රතිෂ්ඨාපිත මැවිල්ලක් තුළදී මුහුණට මුහුණ ලා දකින්නෝය. එහිදී “මෙන්න, දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමගය. උන්වහන්සේ ඔවුන් සමග වාසය කරන සේක කියා විශාල හඬක් ඇසෙනු ඇත” (3-4 පද).

දැනටම යේසුස්වහන්සේ පසුපස යන අය භුක්ති විඳින මෘදු ප්‍රේමයක් සහ ප්‍රීතියක් තිබේ. 1 පේත්‍රෑස් 1:8 හි එය විස්තර කරන්නේ “නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නේය. දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා ගෙන…. කියා නිමකළ නොහැකිවූ තේජසින් පූර්ණවූ මහත් ප්‍රිතියකින් ප්‍රීති වන්නහුය“ යනුවෙනි. අප ප්‍රේම කළ සහ ආශාවෙන් බලා සිටි තැනන්වහන්සේ දෑත් දිගු කොට අපව පිළිගන්නා විට අපට විශ්වාස කළ නොහැකි උතුරා යන ප්‍රීතියකින් අපි ඉපිල යනු ඇත.